Quran Apps in many lanuages:

Surah At-Tawba Ayahs #99 Translated in Sinhalese

سَيَحْلِفُونَ بِاللَّهِ لَكُمْ إِذَا انْقَلَبْتُمْ إِلَيْهِمْ لِتُعْرِضُوا عَنْهُمْ ۖ فَأَعْرِضُوا عَنْهُمْ ۖ إِنَّهُمْ رِجْسٌ ۖ وَمَأْوَاهُمْ جَهَنَّمُ جَزَاءً بِمَا كَانُوا يَكْسِبُونَ
නුඹලා ඔවුන් වෙත නැවත හැරී ආ විට, නුඹලා ඔවුන් ගැන නොතකා හරිනු පිණිස ඔවුහු නුඹලා වෙත අල්ලාහ් මත දිවුරා (බොරු හේතු සාධක) පවසති. එබැවින් නුඹලා ද ඔවුන් ගැන නොසලකා හරිනු. නියත වශයෙන්ම ඔවුහු කිලිටිය. තවද ඔවුන් ලැගුම් ගන්නා ස්ථානය නිරය වේ. එය ඔවුන් උපයමින් සිටි දෑ සඳහා වූ ප්‍රතිවිපාකයක් වශයෙනි.
يَحْلِفُونَ لَكُمْ لِتَرْضَوْا عَنْهُمْ ۖ فَإِنْ تَرْضَوْا عَنْهُمْ فَإِنَّ اللَّهَ لَا يَرْضَىٰ عَنِ الْقَوْمِ الْفَاسِقِينَ
ඔවුන් ගැන නුඹලා තෘප්තියට පත් වනු පිණිස ඔවුහු නුඹලාට දිවුරති. නමුත් නුඹලා ඔවුන් ගැන තෘප්තිමත් වුව ද නියත වශයෙන්ම අල්ලාහ් පාපතර ජනයා ගැන තෘප්තියට පත් නොවෙයි.
الْأَعْرَابُ أَشَدُّ كُفْرًا وَنِفَاقًا وَأَجْدَرُ أَلَّا يَعْلَمُوا حُدُودَ مَا أَنْزَلَ اللَّهُ عَلَىٰ رَسُولِهِ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ
ගම්බද අරාබිවරු දේව ප්‍රතික්ෂේපයෙන් හා කුහකත්වයෙන් (නගරබද අරාබිවරුන්ට වඩා) ඉතා දරුණුය. (ඔවුහු නබිවරයාගේ සභාවන්හි වැඩිහරියක් සහබාගී නොවීම හේතුවෙන්) අල්ලාහ් ඔහුගේ දූතයාණන් වෙත පහළ කළ දෑහි සීමාවන් ඔවුන් නොදැන සිටීමට වඩාත් සුදුස්සන් ය. තවද අල්ලාහ් සර්වඥානීය; ප්‍රඥාවන්තයි.
وَمِنَ الْأَعْرَابِ مَنْ يَتَّخِذُ مَا يُنْفِقُ مَغْرَمًا وَيَتَرَبَّصُ بِكُمُ الدَّوَائِرَ ۚ عَلَيْهِمْ دَائِرَةُ السَّوْءِ ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ
තවද ගම්බද අරාබිවරු අතරින් තමන් වියදම් කරන දෑ අලාභහානියක් ලෙස ගන්නා අය ද සිටිති. නුඹලා වෙත විපත්ති ඇති වීම ඔහු අපේක්ෂා කරයි. ඔවුනටමය නපුරු විපත්තිය. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවකය; සර්ව ඥානීය.
وَمِنَ الْأَعْرَابِ مَنْ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَيَتَّخِذُ مَا يُنْفِقُ قُرُبَاتٍ عِنْدَ اللَّهِ وَصَلَوَاتِ الرَّسُولِ ۚ أَلَا إِنَّهَا قُرْبَةٌ لَهُمْ ۚ سَيُدْخِلُهُمُ اللَّهُ فِي رَحْمَتِهِ ۗ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ
තවද ගම්බද අරාබීන් අතරින්, අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන, තමන් වියදම් කරන දෑ, අල්ලාහ් වෙත සමීප වීම් වශයෙන් හා ධර්ම දූතයාණන්ගේ ආශිර්වාදයන් වශයෙන් සලකන අයද වෙති. දැන ගනු නියත වශයෙන්ම එය ඔවුන්ව සමීප කරවන්නකි. අල්ලාහ් ඔහුගේ කරුණාව තුළට ඔවුන් ව ඇතුළත් කරයි. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය; කරුණා ගුණයෙන් යුක්තය.

Choose other languages: