Quran Apps in many lanuages:

Surah At-Tawba Ayahs #102 Translated in Sinhalese

وَمِنَ الْأَعْرَابِ مَنْ يَتَّخِذُ مَا يُنْفِقُ مَغْرَمًا وَيَتَرَبَّصُ بِكُمُ الدَّوَائِرَ ۚ عَلَيْهِمْ دَائِرَةُ السَّوْءِ ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ
තවද ගම්බද අරාබිවරු අතරින් තමන් වියදම් කරන දෑ අලාභහානියක් ලෙස ගන්නා අය ද සිටිති. නුඹලා වෙත විපත්ති ඇති වීම ඔහු අපේක්ෂා කරයි. ඔවුනටමය නපුරු විපත්තිය. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවකය; සර්ව ඥානීය.
وَمِنَ الْأَعْرَابِ مَنْ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَيَتَّخِذُ مَا يُنْفِقُ قُرُبَاتٍ عِنْدَ اللَّهِ وَصَلَوَاتِ الرَّسُولِ ۚ أَلَا إِنَّهَا قُرْبَةٌ لَهُمْ ۚ سَيُدْخِلُهُمُ اللَّهُ فِي رَحْمَتِهِ ۗ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ
තවද ගම්බද අරාබීන් අතරින්, අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන, තමන් වියදම් කරන දෑ, අල්ලාහ් වෙත සමීප වීම් වශයෙන් හා ධර්ම දූතයාණන්ගේ ආශිර්වාදයන් වශයෙන් සලකන අයද වෙති. දැන ගනු නියත වශයෙන්ම එය ඔවුන්ව සමීප කරවන්නකි. අල්ලාහ් ඔහුගේ කරුණාව තුළට ඔවුන් ව ඇතුළත් කරයි. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය; කරුණා ගුණයෙන් යුක්තය.
وَالسَّابِقُونَ الْأَوَّلُونَ مِنَ الْمُهَاجِرِينَ وَالْأَنْصَارِ وَالَّذِينَ اتَّبَعُوهُمْ بِإِحْسَانٍ رَضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ وَأَعَدَّ لَهُمْ جَنَّاتٍ تَجْرِي تَحْتَهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ۚ ذَٰلِكَ الْفَوْزُ الْعَظِيمُ
(මක්කාහ් වෙත නික්ම ගිය) මුහාජිර්වරුන් හා (ඔවුනට උපකාර කළ මදීනාවාසීන් වන) අන්සාර්වරු අතරින් ආරම්භක පෙරටුගාමීහු ද තවද යහපත් ලෙසින් ඔවුන් ව පිළිපැද්දා වූ අය ද වන ඔවුන් ගැන අල්ලාහ් තෘප්තිමත් විය. තවද ඔවුහු ද ඔහු ගැන තෘප්තියට පත් වූහ. ඒවාට පහළින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් ඔහු ඔවුනට සූදානම් කර ඇත්තේය. සදහටම ඔවුහු එහි සදාතනිකයින්ය. එයයි අතිමහත් ජයග්‍රහණය.
وَمِمَّنْ حَوْلَكُمْ مِنَ الْأَعْرَابِ مُنَافِقُونَ ۖ وَمِنْ أَهْلِ الْمَدِينَةِ ۖ مَرَدُوا عَلَى النِّفَاقِ لَا تَعْلَمُهُمْ ۖ نَحْنُ نَعْلَمُهُمْ ۚ سَنُعَذِّبُهُمْ مَرَّتَيْنِ ثُمَّ يُرَدُّونَ إِلَىٰ عَذَابٍ عَظِيمٍ
ගම්බද අරාබිවරුන් අතරින් නුඹලා අවට විසූවන්ගෙන් කුහකයෝ ද වෙති. තවද මදීනා වාසීන්ගෙන් කුහකත්වයේ ස්ථාපිත ව සිටියවුන් ද වෙති. නුඹ ඔවුන් ගැන නොහඳුනන්නෙහිය. අපි ඔවුන් ගැන හඳුනන්නෙමු. මතුවට අපි ඔවුනට දෙවරක් දඬුවම් කරන්නෙමු. පසුව අතිමහත් දඬුවමක් වෙතට ඔවුන් ව යොමු කරනු ලැබේ.
وَآخَرُونَ اعْتَرَفُوا بِذُنُوبِهِمْ خَلَطُوا عَمَلًا صَالِحًا وَآخَرَ سَيِّئًا عَسَى اللَّهُ أَنْ يَتُوبَ عَلَيْهِمْ ۚ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ
තවද තම පාපකම් පිළිගත් වෙනත් අය ද වෙති. ඔවුහු දැහැමි ක්‍රියාවන් හා වෙනත් නපුරු ක්‍රියාවන් (එකට) මුසු කළෝය. පශ්චාත්තාපය පිළිගෙන ඔවුනට සමාව දීමට අල්ලාහ්ට හැකිය. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය; අසමසම කරුණා ගුණයෙන් යුක්තය.

Choose other languages: