Quran Apps in many lanuages:

Surah At-Tawba Ayahs #74 Translated in Sinhalese

أَلَمْ يَأْتِهِمْ نَبَأُ الَّذِينَ مِنْ قَبْلِهِمْ قَوْمِ نُوحٍ وَعَادٍ وَثَمُودَ وَقَوْمِ إِبْرَاهِيمَ وَأَصْحَابِ مَدْيَنَ وَالْمُؤْتَفِكَاتِ ۚ أَتَتْهُمْ رُسُلُهُمْ بِالْبَيِّنَاتِ ۖ فَمَا كَانَ اللَّهُ لِيَظْلِمَهُمْ وَلَٰكِنْ كَانُوا أَنْفُسَهُمْ يَظْلِمُونَ
ඔවුනට පෙර සිටි නූහ්, ආද් හා සමූද්ගේ ජනයාගේ ද ඉබ්‍රාහීම්ගේ ජනයාගේ ද මද්යන් වාසීහු හා උඩු යටිකුරු ව පෙරළා දමනු ලැබූවන්ගේ ද පුවත ඔවුන් වෙත නොපැමිණියේ ද? ඔවුන්ගේ දූතවරු ඔවුන් වෙත පැහැදිලි සාධක සමඟ පැමිණියෝය. එබැවින් ඔවුනට අපරාධයක් කිරීම අල්ලාහ්ට නොවීය. නමුත් ඔවුහු තමන්ටම අපාරධ කර ගන්නවුන් වූහ.
وَالْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتُ بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ ۚ يَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَيُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَيُطِيعُونَ اللَّهَ وَرَسُولَهُ ۚ أُولَٰئِكَ سَيَرْحَمُهُمُ اللَّهُ ۗ إِنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ
දේවත්වය විශ්වාස කරන්නන් හා දේවත්වය විශ්වාස කරන්නියන් ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගේ සමීප මිතුරන් වෙති. ඔවුහු යහපත් දේ නියෝග කරන අතර පිළිකුල් සහගත දෙයින් වළක්වති. සලාතය විධිමත් ලෙසින් ඉටු කරති. සකාත්ද පිරිනමති. තවද අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වෙති. අල්ලාහ් කරුණාව පෙන්වන අය මොවුහුය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව බලධාරීය; ප්‍රඥාවන්තය.
وَعَدَ اللَّهُ الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا وَمَسَاكِنَ طَيِّبَةً فِي جَنَّاتِ عَدْنٍ ۚ وَرِضْوَانٌ مِنَ اللَّهِ أَكْبَرُ ۚ ذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ
දේවත්වය විශ්වාස කරන්නන් හා දේවත්වය විශ්වාස කරන්නියන් හට පහළින් ගංගාවන් ගලා බස්නා, ඔවුන් එහි සදාතනිකයින් වන (ස්වර්ග) උයන් ඇති බවත් අද්න් (නම් සදාතනික ස්වර්ග) උයන්හි යහපත් වාසස්ථාන ඇති බවත් අල්ලාහ් ප්‍රතිඥා දුන්නේය. තවද අල්ලාහ්ගේ පිළිගැනීම අතිමහත්ය. එයයි මහත් වූ ජයග්‍රහණය.
يَا أَيُّهَا النَّبِيُّ جَاهِدِ الْكُفَّارَ وَالْمُنَافِقِينَ وَاغْلُظْ عَلَيْهِمْ ۚ وَمَأْوَاهُمْ جَهَنَّمُ ۖ وَبِئْسَ الْمَصِيرُ
අහෝ නබිවරය! දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් හා කුහකයින් සමඟ නුඹ අරගල කරනු. තවද ඔවුන් කෙරෙහි දැඩි ලෙස කටයුතු කරනු. තවද ඔවුන්ගේ පිවිසුම් ස්ථානය නිරයයි. තවද (ඔවුන්) යොමු වන එම ස්ථානය නපුරු විය.
يَحْلِفُونَ بِاللَّهِ مَا قَالُوا وَلَقَدْ قَالُوا كَلِمَةَ الْكُفْرِ وَكَفَرُوا بَعْدَ إِسْلَامِهِمْ وَهَمُّوا بِمَا لَمْ يَنَالُوا ۚ وَمَا نَقَمُوا إِلَّا أَنْ أَغْنَاهُمُ اللَّهُ وَرَسُولُهُ مِنْ فَضْلِهِ ۚ فَإِنْ يَتُوبُوا يَكُ خَيْرًا لَهُمْ ۖ وَإِنْ يَتَوَلَّوْا يُعَذِّبْهُمُ اللَّهُ عَذَابًا أَلِيمًا فِي الدُّنْيَا وَالْآخِرَةِ ۚ وَمَا لَهُمْ فِي الْأَرْضِ مِنْ وَلِيٍّ وَلَا نَصِيرٍ
තමන් නොපැවසූ බවට අල්ලාහ් මත ඔවුහු දිවුරති. නමුත් ඔවුහු ප්‍රතික්ෂේපයේ වදන පැවසුවෝය. ඔවුහු ඉස්ලාමය පිළිගත් පසු එය ප්‍රතික්ෂේප කළෝය. ඔවුනට නොලැබුණු දෑ අපේක්ෂා කළෝය. තම භාග්‍යයෙන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ඔවුන් ව ධනවත් කිරීමේ හේතුව මිස ඔවුන් කෝප වීමට වෙනෙකක් නොවීය. නමුත් ඔවුන් පසුතැවිලි වී යොමු වන්නේ නම් එය ඔවුනට යහපතක් වනු ඇත. එමෙන්ම ඔවුන් පිටුපා යන්නේ නම් මෙලොවදී හා මතු ලොවදී අල්ලාහ් ඔවුනට වේදනීය දඬුවමකින් දඬුවම් කරනු ඇත. තවද මහපොළොවේ කිසිදු භාරකරුවකු හෝ උදව්කරුවකු හෝ ඔවුනට නොමැත.

Choose other languages: