Quran Apps in many lanuages:

Surah At-Tawba Ayahs #73 Translated in Sinhalese

كَالَّذِينَ مِنْ قَبْلِكُمْ كَانُوا أَشَدَّ مِنْكُمْ قُوَّةً وَأَكْثَرَ أَمْوَالًا وَأَوْلَادًا فَاسْتَمْتَعُوا بِخَلَاقِهِمْ فَاسْتَمْتَعْتُمْ بِخَلَاقِكُمْ كَمَا اسْتَمْتَعَ الَّذِينَ مِنْ قَبْلِكُمْ بِخَلَاقِهِمْ وَخُضْتُمْ كَالَّذِي خَاضُوا ۚ أُولَٰئِكَ حَبِطَتْ أَعْمَالُهُمْ فِي الدُّنْيَا وَالْآخِرَةِ ۖ وَأُولَٰئِكَ هُمُ الْخَاسِرُونَ
(මුනාෆික්වරුනි!) නුඹලාට පෙර සිටියවුන් මෙන්ය. ඔවුහු නුඹලාට වඩා බලවත් වූහ. තවද ඔවුහු දරුවන්ගෙන් හා වස්තුවෙන් අධික වූහ. ඒ අනුව තමන්ට හිමි කොටස ඔවුහු භුක්ති වින්දෝය. නුඹලාට පෙර සිටියවුන් ඔවුන්ගේ කොටස භුක්ති වින්දාක් මෙන් නුඹලා ද නුඹලාට හිමි කොටස භුක්ති විදිනු. තවද ඔවුහු (බොරු කිරීමෙහි) නියලුනාක් මෙන් නුඹලා ද නියලෙන්නෙහුය. මෙලොවෙහි හා මතු ලොවෙහි තම ක්‍රියාවන් නිෂ්ඵල වී ගිය අය මොවුහුය. තවද අලාභවන්තයෝද මොවුහුය.
أَلَمْ يَأْتِهِمْ نَبَأُ الَّذِينَ مِنْ قَبْلِهِمْ قَوْمِ نُوحٍ وَعَادٍ وَثَمُودَ وَقَوْمِ إِبْرَاهِيمَ وَأَصْحَابِ مَدْيَنَ وَالْمُؤْتَفِكَاتِ ۚ أَتَتْهُمْ رُسُلُهُمْ بِالْبَيِّنَاتِ ۖ فَمَا كَانَ اللَّهُ لِيَظْلِمَهُمْ وَلَٰكِنْ كَانُوا أَنْفُسَهُمْ يَظْلِمُونَ
ඔවුනට පෙර සිටි නූහ්, ආද් හා සමූද්ගේ ජනයාගේ ද ඉබ්‍රාහීම්ගේ ජනයාගේ ද මද්යන් වාසීහු හා උඩු යටිකුරු ව පෙරළා දමනු ලැබූවන්ගේ ද පුවත ඔවුන් වෙත නොපැමිණියේ ද? ඔවුන්ගේ දූතවරු ඔවුන් වෙත පැහැදිලි සාධක සමඟ පැමිණියෝය. එබැවින් ඔවුනට අපරාධයක් කිරීම අල්ලාහ්ට නොවීය. නමුත් ඔවුහු තමන්ටම අපාරධ කර ගන්නවුන් වූහ.
وَالْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتُ بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ ۚ يَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَيُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَيُطِيعُونَ اللَّهَ وَرَسُولَهُ ۚ أُولَٰئِكَ سَيَرْحَمُهُمُ اللَّهُ ۗ إِنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ
දේවත්වය විශ්වාස කරන්නන් හා දේවත්වය විශ්වාස කරන්නියන් ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගේ සමීප මිතුරන් වෙති. ඔවුහු යහපත් දේ නියෝග කරන අතර පිළිකුල් සහගත දෙයින් වළක්වති. සලාතය විධිමත් ලෙසින් ඉටු කරති. සකාත්ද පිරිනමති. තවද අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වෙති. අල්ලාහ් කරුණාව පෙන්වන අය මොවුහුය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව බලධාරීය; ප්‍රඥාවන්තය.
وَعَدَ اللَّهُ الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا وَمَسَاكِنَ طَيِّبَةً فِي جَنَّاتِ عَدْنٍ ۚ وَرِضْوَانٌ مِنَ اللَّهِ أَكْبَرُ ۚ ذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ
දේවත්වය විශ්වාස කරන්නන් හා දේවත්වය විශ්වාස කරන්නියන් හට පහළින් ගංගාවන් ගලා බස්නා, ඔවුන් එහි සදාතනිකයින් වන (ස්වර්ග) උයන් ඇති බවත් අද්න් (නම් සදාතනික ස්වර්ග) උයන්හි යහපත් වාසස්ථාන ඇති බවත් අල්ලාහ් ප්‍රතිඥා දුන්නේය. තවද අල්ලාහ්ගේ පිළිගැනීම අතිමහත්ය. එයයි මහත් වූ ජයග්‍රහණය.
يَا أَيُّهَا النَّبِيُّ جَاهِدِ الْكُفَّارَ وَالْمُنَافِقِينَ وَاغْلُظْ عَلَيْهِمْ ۚ وَمَأْوَاهُمْ جَهَنَّمُ ۖ وَبِئْسَ الْمَصِيرُ
අහෝ නබිවරය! දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් හා කුහකයින් සමඟ නුඹ අරගල කරනු. තවද ඔවුන් කෙරෙහි දැඩි ලෙස කටයුතු කරනු. තවද ඔවුන්ගේ පිවිසුම් ස්ථානය නිරයයි. තවද (ඔවුන්) යොමු වන එම ස්ථානය නපුරු විය.

Choose other languages: