Quran Apps in many lanuages:

Surah At-Tawba Ayahs #58 Translated in Sinhalese

وَمَا مَنَعَهُمْ أَنْ تُقْبَلَ مِنْهُمْ نَفَقَاتُهُمْ إِلَّا أَنَّهُمْ كَفَرُوا بِاللَّهِ وَبِرَسُولِهِ وَلَا يَأْتُونَ الصَّلَاةَ إِلَّا وَهُمْ كُسَالَىٰ وَلَا يُنْفِقُونَ إِلَّا وَهُمْ كَارِهُونَ
ඔවුන්ගේ වියදම් ඔවුන්ගෙන් පිළිගනු ලැබීමෙන් ඔවුන්ව වැළක්වූයේ ඔවුන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ව ප්‍රතික්ෂේප කිරීමේ හේතුව මිස වෙනකක් නොවීය. තවද ඔවුහු මැළිවූවන් ලෙසින් මිස සලාතයට නොපැමිණෙති. එමෙන්ම ඔවුන් පිළිකුල් කරන්නන් ව සිටියදී මිස වියදම් නොකරති.
فَلَا تُعْجِبْكَ أَمْوَالُهُمْ وَلَا أَوْلَادُهُمْ ۚ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُعَذِّبَهُمْ بِهَا فِي الْحَيَاةِ الدُّنْيَا وَتَزْهَقَ أَنْفُسُهُمْ وَهُمْ كَافِرُونَ
එබැවින් ඔවුන්ගේ වස්තුව හා ඔවුන්ගේ දරුවන් නුඹ ව මවිතයට පත් නොකළ යුතුය. අල්ලාහ් අපේක්ෂා කරනුයේ මෙලොව ජීවිතයේ දී ඒවා මගින් ඔවුනට දඬුවම් කිරීමට හා ඔවුන් ප්‍රතික්ෂේප කරන්නන් ව සිටියදී ඔවුන්ගේ ජීවිත බැහැර වී යාමටය.
وَيَحْلِفُونَ بِاللَّهِ إِنَّهُمْ لَمِنْكُمْ وَمَا هُمْ مِنْكُمْ وَلَٰكِنَّهُمْ قَوْمٌ يَفْرَقُونَ
තවද නියත වශයෙන්ම ඔවුන් නුඹලා අතරින් වූවන් යැයි ඔවුහු අල්ලාහ් මත දිවුරා පවසති. නමුත් ඔවුහු නුඹලා අතරින් නොවෙති. එනමුත් ඔවුන් (මරණයට බිය වන) බියගුඵ පිරිසකි.
لَوْ يَجِدُونَ مَلْجَأً أَوْ مَغَارَاتٍ أَوْ مُدَّخَلًا لَوَلَّوْا إِلَيْهِ وَهُمْ يَجْمَحُونَ
සැඟවෙන්නට තැනක් හෝ ගුහාවන් හෝ උමගක් හෝ ඔවුන් දුටුවේ නම් ඔවුහු වේගයෙන් පලා යන තත්ත්වයේ ඒ වෙත හැරී යති.
وَمِنْهُمْ مَنْ يَلْمِزُكَ فِي الصَّدَقَاتِ فَإِنْ أُعْطُوا مِنْهَا رَضُوا وَإِنْ لَمْ يُعْطَوْا مِنْهَا إِذَا هُمْ يَسْخَطُونَ
තවද දානමානයන් සම්බන්ධයෙන් නුඹට දොස් නගන අය ද ඔවුන් අතරින් වෙති. එවිට ඔවුනට එයින් දෙනු ලැබුවේ නම් ඔවුහු තෘප්තිමත් වෙති. තවද ඔවුනට එයින් දෙනු නොලැබුවේ නම් එවිට ඔවුහු කෝප වෙති.

Choose other languages: