Quran Apps in many lanuages:

Surah At-Tawba Ayahs #60 Translated in Sinhalese

وَيَحْلِفُونَ بِاللَّهِ إِنَّهُمْ لَمِنْكُمْ وَمَا هُمْ مِنْكُمْ وَلَٰكِنَّهُمْ قَوْمٌ يَفْرَقُونَ
තවද නියත වශයෙන්ම ඔවුන් නුඹලා අතරින් වූවන් යැයි ඔවුහු අල්ලාහ් මත දිවුරා පවසති. නමුත් ඔවුහු නුඹලා අතරින් නොවෙති. එනමුත් ඔවුන් (මරණයට බිය වන) බියගුඵ පිරිසකි.
لَوْ يَجِدُونَ مَلْجَأً أَوْ مَغَارَاتٍ أَوْ مُدَّخَلًا لَوَلَّوْا إِلَيْهِ وَهُمْ يَجْمَحُونَ
සැඟවෙන්නට තැනක් හෝ ගුහාවන් හෝ උමගක් හෝ ඔවුන් දුටුවේ නම් ඔවුහු වේගයෙන් පලා යන තත්ත්වයේ ඒ වෙත හැරී යති.
وَمِنْهُمْ مَنْ يَلْمِزُكَ فِي الصَّدَقَاتِ فَإِنْ أُعْطُوا مِنْهَا رَضُوا وَإِنْ لَمْ يُعْطَوْا مِنْهَا إِذَا هُمْ يَسْخَطُونَ
තවද දානමානයන් සම්බන්ධයෙන් නුඹට දොස් නගන අය ද ඔවුන් අතරින් වෙති. එවිට ඔවුනට එයින් දෙනු ලැබුවේ නම් ඔවුහු තෘප්තිමත් වෙති. තවද ඔවුනට එයින් දෙනු නොලැබුවේ නම් එවිට ඔවුහු කෝප වෙති.
وَلَوْ أَنَّهُمْ رَضُوا مَا آتَاهُمُ اللَّهُ وَرَسُولُهُ وَقَالُوا حَسْبُنَا اللَّهُ سَيُؤْتِينَا اللَّهُ مِنْ فَضْلِهِ وَرَسُولُهُ إِنَّا إِلَى اللَّهِ رَاغِبُونَ
තවද අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ඔවුනට පිරිනැමූ දෑ ගැන සැබැවින්ම ඔවුන් තෘප්තියට පත්ව "අල්ලාහ් අපට ප්‍රමාණවත්ය. අල්ලාහ් ඔහුගේ භාග්‍යය තුළින් ද ඔහුගේ දූතයාණන් (සතුරා විසින් දමා ගිය දැයින්) ද අපට පිරිනමනු ඇත. නියත වශයෙන්ම අපි අල්ලාහ් වෙතම අපේක්ෂා කරන්නන් වෙමු" යැයි ඔවුන් පැවසුවේ නම් (එය කෙතරම් අගනේ ද?)
إِنَّمَا الصَّدَقَاتُ لِلْفُقَرَاءِ وَالْمَسَاكِينِ وَالْعَامِلِينَ عَلَيْهَا وَالْمُؤَلَّفَةِ قُلُوبُهُمْ وَفِي الرِّقَابِ وَالْغَارِمِينَ وَفِي سَبِيلِ اللَّهِ وَابْنِ السَّبِيلِ ۖ فَرِيضَةً مِنَ اللَّهِ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ
අල්ලාහ්ගෙන් වූ නියමයක් වශයෙන් සදකාවන් (අනිවාර්ය බද්ධ) හිමි විය යුත්තේ දිළිඳුන්ට ද දුගියන්ට ද ඒ සම්බන්ධ ව කටයුතු කරන්නන්ට ද තම හදවත් (ඉස්ලාමය වෙත) නැඹුරු වූවන්ට ද වහලුන් නිදහස් කිරීමේ දී ද, ණය බරින් පෙළෙන්නන්ට ද අල්ලාහ්ගේ මාර්ගයෙහි සහ (සරණ පතන) මගියන්ට ද වේ. තවද අල්ලාහ් සර්ව ඥානීය; ප්‍රඥාවන්තය.

Choose other languages: