Quran Apps in many lanuages:

Surah At-Tawba Ayahs #125 Translated in Sinhalese

وَلَا يُنْفِقُونَ نَفَقَةً صَغِيرَةً وَلَا كَبِيرَةً وَلَا يَقْطَعُونَ وَادِيًا إِلَّا كُتِبَ لَهُمْ لِيَجْزِيَهُمُ اللَّهُ أَحْسَنَ مَا كَانُوا يَعْمَلُونَ
ඔවුන් කුඩා හෝ මහා වියදමක් හෝ වැය කළ ද තවද කවර මිටියාවතක් හෝ ඔවුන් තරණය කළ ද ඔවුන් කරමින් සිටින දෑට වඩා අලංකාර අයුරින් ඔවුනට ප්‍රතිඵල දෙනු පිණිස එය ඔවුනට සටහන් කරනු ලබන්නක් මිස වෙනකක් නොවේ.
وَمَا كَانَ الْمُؤْمِنُونَ لِيَنْفِرُوا كَافَّةً ۚ فَلَوْلَا نَفَرَ مِنْ كُلِّ فِرْقَةٍ مِنْهُمْ طَائِفَةٌ لِيَتَفَقَّهُوا فِي الدِّينِ وَلِيُنْذِرُوا قَوْمَهُمْ إِذَا رَجَعُوا إِلَيْهِمْ لَعَلَّهُمْ يَحْذَرُونَ
දේවත්වය විශ්වාස කරන්නන් සියල්ලෝම එක්ව (යුද්ධය සඳහා) පිටත් වීම ඔවුනට සුදුසු නොවීය. දහම පිළිබඳ අවබෝධය ලබා ඔවුන්ගේ ජනයා වෙත ඔවුන් නැවත පැමිණි විට ඔවුනට අවවාද කරනු පිණිස ඔවුන්ගෙන් සෑම කණ්ඩායමකින්ම පිරිසක් පිටත්ව යා යුතු නොවේ ද! (එය) ඔවුන් ප්‍රවේශම් විය හැකි වනු පිණිස ය..
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا قَاتِلُوا الَّذِينَ يَلُونَكُمْ مِنَ الْكُفَّارِ وَلْيَجِدُوا فِيكُمْ غِلْظَةً ۚ وَاعْلَمُوا أَنَّ اللَّهَ مَعَ الْمُتَّقِينَ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් අතරින් නුඹලාට පරව සිටින්නන් සමඟ නුඹලා සටන් වදිනු. නුඹලා තුළ (ඇති) දැඩිකම ඔවුන් දැක ගත යුතුය. තවද නියත වශයෙන්ම අල්ලාහ් දේව බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන් සමඟ යැයි නුඹලා දැන ගනු.
وَإِذَا مَا أُنْزِلَتْ سُورَةٌ فَمِنْهُمْ مَنْ يَقُولُ أَيُّكُمْ زَادَتْهُ هَٰذِهِ إِيمَانًا ۚ فَأَمَّا الَّذِينَ آمَنُوا فَزَادَتْهُمْ إِيمَانًا وَهُمْ يَسْتَبْشِرُونَ
පරිච්ඡේදයක් පහළ කරනු ලැබූ සෑම විටකම ‘මෙය විශ්වාසය වර්ධනය කළ කවරෙකු හෝ නුඹලා අතරින් වෙත්දැ’යි ඔවුන් අතරින් පවසන ඇතමෙකු ද විය. නමුත් දේවත්වය විශ්වාස කරන්නන් වූ කලී එය ඔවුනට විශ්වාසය වර්ධනය කළේය. තවද ඔවුහු සතුටට පත් වූහ.
وَأَمَّا الَّذِينَ فِي قُلُوبِهِمْ مَرَضٌ فَزَادَتْهُمْ رِجْسًا إِلَىٰ رِجْسِهِمْ وَمَاتُوا وَهُمْ كَافِرُونَ
තම හදවත් තුළ රෝගීභාවය ඇත්තන් වනාහි කිලිට මත ‍කිලිට වර්ධනය කළේය. තවද ඔවුහු දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ව සිටියදීම මිය ගියෝය.

Choose other languages: