Quran Apps in many lanuages:

Surah An-Nur Ayahs #21 Translated in Sinhalese

يَعِظُكُمُ اللَّهُ أَنْ تَعُودُوا لِمِثْلِهِ أَبَدًا إِنْ كُنْتُمْ مُؤْمِنِينَ
නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් මෙවැනි දෙයකට නුඹලා නැවත කිසිවිටක එසේ හැරීමෙන් වැළැක්වීමට අල්ලාහ් නුඹලාට උපදෙස් දෙයි.
وَيُبَيِّنُ اللَّهُ لَكُمُ الْآيَاتِ ۚ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ
තවද අල්ලාහ් නුඹලාට එම වදන් පැහැදිලි කරයි. තවද අල්ලාහ් සර්ව ඥානීය; මහා ප්‍රඥාවන්තය.
إِنَّ الَّذِينَ يُحِبُّونَ أَنْ تَشِيعَ الْفَاحِشَةُ فِي الَّذِينَ آمَنُوا لَهُمْ عَذَابٌ أَلِيمٌ فِي الدُّنْيَا وَالْآخِرَةِ ۚ وَاللَّهُ يَعْلَمُ وَأَنْتُمْ لَا تَعْلَمُونَ
නියත වශයෙන්ම විශ්වාස කළවුන් අතර අපචාරය පැතිරීම ගැන ප්රිය කරන්නන් වනාහි ඔවුනට මෙලොව හා මතු ලොව වේදනීය දඬුවමක් ඇත. තවද අල්ලාහ් දනී. නමුත් නුඹලා නොදන්නෙහුය.
وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ وَأَنَّ اللَّهَ رَءُوفٌ رَحِيمٌ
තවද නුඹලා වෙත අල්ලාහ්ගේ අනුග්රහය හා ඔහුගේ කරුණාව නොවී නම් (නුඹලා විනාශ වන්නට තිබුණි.) නමුත් නියත වශයෙන්ම අල්ලාහ් සානුකම්පිතය; මහා කරුණාන්විතය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ ۚ وَمَنْ يَتَّبِعْ خُطُوَاتِ الشَّيْطَانِ فَإِنَّهُ يَأْمُرُ بِالْفَحْشَاءِ وَالْمُنْكَرِ ۚ وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ مَا زَكَىٰ مِنْكُمْ مِنْ أَحَدٍ أَبَدًا وَلَٰكِنَّ اللَّهَ يُزَكِّي مَنْ يَشَاءُ ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා ෂෙයිතාන්ගේ පියවර අනුගමනය නොකරනු. තවද කවරෙකු ෂෙයිතාන්ගේ පියවර අනුගමනය කරන්නේ ද එවිට (දැනගනු!) ඔහු අශීලාචාර දෑ හා පිළිකුල් සහගත දෑ නියෝග කරන්නේය. තවද නුඹලා වෙත අල්ලාහ්ගේ අනුග්රහය සහ ඔහුගේ කරුණාව නොවී නම් නුඹලා අතරින් කිසිවකු හෝ පිවිතුරු නොවනු ඇත. නමුත් අල්ලාහ් ඔහු අභිමත කරන අය පිවිතුරු කරයි. තවද අල්ලාහ් සර්ව ශ්රාවකය; සර්ව ඥානීය.

Choose other languages: