Quran Apps in many lanuages:

Surah An-Nisa Ayahs #64 Translated in Sinhalese

أَلَمْ تَرَ إِلَى الَّذِينَ يَزْعُمُونَ أَنَّهُمْ آمَنُوا بِمَا أُنْزِلَ إِلَيْكَ وَمَا أُنْزِلَ مِنْ قَبْلِكَ يُرِيدُونَ أَنْ يَتَحَاكَمُوا إِلَى الطَّاغُوتِ وَقَدْ أُمِرُوا أَنْ يَكْفُرُوا بِهِ وَيُرِيدُ الشَّيْطَانُ أَنْ يُضِلَّهُمْ ضَلَالًا بَعِيدًا
නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ ද නුඹට පෙර පහළ කරනු ලැබූ දෑ ද ඇත්තෙන්ම තමන් විශ්වාස කළ බවට සිතමින් සිටි අය දෙස නුඹ නොබැලුවෙහි ද? ඔවුහු නපුරු බලවේගයන් වෙත තීන්දු පැතීමට අපේක්ෂා කරති. සැබැවින්ම එය ප්‍රතික්ෂේප කරන ලෙස ඔවුහු නියෝග කරනු ලැබ සිටියහ. තවද ෂෙයිතාන් අන්ත මුළාවක ඔවුන් ව මුළා කිරීමට අපේක්ෂා කරයි.
وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْا إِلَىٰ مَا أَنْزَلَ اللَّهُ وَإِلَى الرَّسُولِ رَأَيْتَ الْمُنَافِقِينَ يَصُدُّونَ عَنْكَ صُدُودًا
තවද අල්ලාහ් පහළ කළ දෑ වෙත ද රසූල්වරයා වෙත ද නුඹලා පැමිණෙනු යැයි ඔවුනට පවසනු ලැබූ විට, කුහකයින් නුඹෙන් දැඩි ලෙස වැළකී සිටිනු නුඹ දුටුවෙහිය.
فَكَيْفَ إِذَا أَصَابَتْهُمْ مُصِيبَةٌ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ ثُمَّ جَاءُوكَ يَحْلِفُونَ بِاللَّهِ إِنْ أَرَدْنَا إِلَّا إِحْسَانًا وَتَوْفِيقًا
ඔවුන්ගේ දෑත් ඉදිරිපත් කළ දෑ හේතුවෙන් ඔවුනට යම් දුර්භාග්‍යයක් ඇති වූ විට ඉන් පසුව අපි යහපත හා එකඟතාව හැර වෙනත් කිසිවක් අපේක්ෂා නොකරමු යැයි අල්ලාහ් මත දිවුරමින් නුඹ වෙත ඔවුහු පැමිණි විට කෙසේ වේවි ද?
أُولَٰئِكَ الَّذِينَ يَعْلَمُ اللَّهُ مَا فِي قُلُوبِهِمْ فَأَعْرِضْ عَنْهُمْ وَعِظْهُمْ وَقُلْ لَهُمْ فِي أَنْفُسِهِمْ قَوْلًا بَلِيغًا
ඔවුහු කවරහුද යත් ඔවුන්ගේ හදවත් තුළ ඇති දෑ අල්ලාහ් දන්නේය. එබැවින් ඔවුන් ව නොසලකා හරිනු. තවද ඔවුනට උපදෙස් දෙනු. ඔවුන්ගේ සිත් තුළට (වැටහෙන සේ) පැහැදිලි වදනින් ඔවුනට පවසනු.
وَمَا أَرْسَلْنَا مِنْ رَسُولٍ إِلَّا لِيُطَاعَ بِإِذْنِ اللَّهِ ۚ وَلَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفَرُوا اللَّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّابًا رَحِيمًا
අල්ලාහ්ගේ අනුමැතියෙන් පිළිපදිනු ලැබීමට මිස කිසිදු ධර්ම දූතයකු අපි නොඑව්වෙමු. සැබැවින්ම ඔවුන් ඔවුන්ටම අපරාධ කරගත් අවස්ථාවක, ඔවුන් නුඹ වෙත පැමිණ, තවද ඔවුන් අල්ලාහ්ගෙන් සමාව අයැද සිටියදී, රසූල්වරයා (වන ඔබත්) ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටියේ නම්, අල්ලාහ් පාපක්ෂමාව පිළිගන්නා ලෙසත්, අසමසම කරුණාවන්ත ලෙසත් ඔවුන් දැක ගනු ඇත.

Choose other languages: