Quran Apps in many lanuages:

Surah An-Nisa Ayahs #127 Translated in Sinhalese

لَيْسَ بِأَمَانِيِّكُمْ وَلَا أَمَانِيِّ أَهْلِ الْكِتَابِ ۗ مَنْ يَعْمَلْ سُوءًا يُجْزَ بِهِ وَلَا يَجِدْ لَهُ مِنْ دُونِ اللَّهِ وَلِيًّا وَلَا نَصِيرًا
නුඹලාගේ ආශාවන් හෝ පුස්තක ලත් ජනයාගේ ආශාවන් අනුව නොවේ. කවරෙකු නපුරක් කරන්නේ ද ඒ අනුව ඔහුට ප්‍රතිඵල දෙනු ලැබේ. අල්ලාහ්ගෙන් තොරව කිසිදු භාරකරුවකු හෝ උදව්කරුවකු හෝ ඔහු නොලබනු ඇත.
وَمَنْ يَعْمَلْ مِنَ الصَّالِحَاتِ مِنْ ذَكَرٍ أَوْ أُنْثَىٰ وَهُوَ مُؤْمِنٌ فَأُولَٰئِكَ يَدْخُلُونَ الْجَنَّةَ وَلَا يُظْلَمُونَ نَقِيرًا
පිරිමියකුගෙන් හෝ වේවා කාන්තාවකගෙන් හෝ වේවා තමන් විශ්වාසකරන්නෙකු ව සිටිය දී කවරෙකු හෝ දැහැමි ක්‍රියාවන් සිදු කරන්නේ ද එවිට ඔවුහු ස්වර්ගයට පිවිසෙති. ඉඳි ගෙඩි සිවියක ප්‍රමාණයකින්වත් ඔවුහු අපරාධ කරනු නොලබති.
وَمَنْ أَحْسَنُ دِينًا مِمَّنْ أَسْلَمَ وَجْهَهُ لِلَّهِ وَهُوَ مُحْسِنٌ وَاتَّبَعَ مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا ۗ وَاتَّخَذَ اللَّهُ إِبْرَاهِيمَ خَلِيلًا
දැහැමියකුව සිට තම මුහුණ අල්ලාහ් වෙතට අවනත කරවා ඉබ්‍රාහීම්ගේ පිළිවෙත අවංක ව පිළිපදින්නෙකුට වඩා දහමින් ඉතා අලංකාර වන්නේ කවරෙකු ද? අල්ලාහ් ඉබ්‍රාහීම් ව මිතුරෙකු බවට ගත්තේය.
وَلِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۚ وَكَانَ اللَّهُ بِكُلِّ شَيْءٍ مُحِيطًا
අහස්හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද අල්ලාහ්ටම හිමිය. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්වප්‍රකාරයෙන් දන්නාය.
وَيَسْتَفْتُونَكَ فِي النِّسَاءِ ۖ قُلِ اللَّهُ يُفْتِيكُمْ فِيهِنَّ وَمَا يُتْلَىٰ عَلَيْكُمْ فِي الْكِتَابِ فِي يَتَامَى النِّسَاءِ اللَّاتِي لَا تُؤْتُونَهُنَّ مَا كُتِبَ لَهُنَّ وَتَرْغَبُونَ أَنْ تَنْكِحُوهُنَّ وَالْمُسْتَضْعَفِينَ مِنَ الْوِلْدَانِ وَأَنْ تَقُومُوا لِلْيَتَامَىٰ بِالْقِسْطِ ۚ وَمَا تَفْعَلُوا مِنْ خَيْرٍ فَإِنَّ اللَّهَ كَانَ بِهِ عَلِيمًا
(නබිවරය!) කාන්තාවන් සම්බන්ධයෙන් ඔවුහු නුඹගෙන් ආගමික තීන්දු විමසති. නුඹ පවසනු! ඔවුන් සම්බන්ධයෙන් ද ධර්ම පුස්තකයේ නුඹලා වෙත පාරායනය කර පෙන්වා ඇති පරිදි ඔවුනට නියම කරනු ලැබූ දෑ ඔවුනට ලබා නොදී ඔවුන් ව විවාහ කර ගැනීමට නුඹලා ආශා කරන අනාථ කාන්තාවන් සම්බන්ධයෙන් ද දරුවන් අතුරින් දුර්වලයින් සම්බන්ධයෙන් ද අනාථයිනට යුක්ති ගරුක ව කටයුතු කිරීම සම්බන්ධයෙන් ද අල්ලාහ් නුඹලාට ආගමික තීන්දු දෙනු ඇත. නුඹලා කවර යහපතක් කළ ද අල්ලාහ් ඒ පිළිබඳ ව සර්වඥානීය.

Choose other languages: