Surah An-Nisa Ayahs #130 Translated in Sinhalese
وَلِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۚ وَكَانَ اللَّهُ بِكُلِّ شَيْءٍ مُحِيطًا
අහස්හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද අල්ලාහ්ටම හිමිය. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්වප්‍රකාරයෙන් දන්නාය.
وَيَسْتَفْتُونَكَ فِي النِّسَاءِ ۖ قُلِ اللَّهُ يُفْتِيكُمْ فِيهِنَّ وَمَا يُتْلَىٰ عَلَيْكُمْ فِي الْكِتَابِ فِي يَتَامَى النِّسَاءِ اللَّاتِي لَا تُؤْتُونَهُنَّ مَا كُتِبَ لَهُنَّ وَتَرْغَبُونَ أَنْ تَنْكِحُوهُنَّ وَالْمُسْتَضْعَفِينَ مِنَ الْوِلْدَانِ وَأَنْ تَقُومُوا لِلْيَتَامَىٰ بِالْقِسْطِ ۚ وَمَا تَفْعَلُوا مِنْ خَيْرٍ فَإِنَّ اللَّهَ كَانَ بِهِ عَلِيمًا
(නබිවරය!) කාන්තාවන් සම්බන්ධයෙන් ඔවුහු නුඹගෙන් ආගමික තීන්දු විමසති. නුඹ පවසනු! ඔවුන් සම්බන්ධයෙන් ද ධර්ම පුස්තකයේ නුඹලා වෙත පාරායනය කර පෙන්වා ඇති පරිදි ඔවුනට නියම කරනු ලැබූ දෑ ඔවුනට ලබා නොදී ඔවුන් ව විවාහ කර ගැනීමට නුඹලා ආශා කරන අනාථ කාන්තාවන් සම්බන්ධයෙන් ද දරුවන් අතුරින් දුර්වලයින් සම්බන්ධයෙන් ද අනාථයිනට යුක්ති ගරුක ව කටයුතු කිරීම සම්බන්ධයෙන් ද අල්ලාහ් නුඹලාට ආගමික තීන්දු දෙනු ඇත. නුඹලා කවර යහපතක් කළ ද අල්ලාහ් ඒ පිළිබඳ ව සර්වඥානීය.
وَإِنِ امْرَأَةٌ خَافَتْ مِنْ بَعْلِهَا نُشُوزًا أَوْ إِعْرَاضًا فَلَا جُنَاحَ عَلَيْهِمَا أَنْ يُصْلِحَا بَيْنَهُمَا صُلْحًا ۚ وَالصُّلْحُ خَيْرٌ ۗ وَأُحْضِرَتِ الْأَنْفُسُ الشُّحَّ ۚ وَإِنْ تُحْسِنُوا وَتَتَّقُوا فَإِنَّ اللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا
කාන්තාවක් ඇයගේ සැමියාගෙන් යම් පිළිකුලක් හෝ පිටුපෑමක් ගැන බිය වෙතොත් ඔවුන් දෙදෙනා අතර එකඟතාවකින් සමතයට පැමිණීම ඔවුන් දෙදෙනා මත වරදක් නොවේ. සමතය ශ්‍රේෂ්ඨය. ආත්මාවන් මසුරුකමට බඳුන් වී ඇත. නුඹලා (එකිනෙකාට) සහය දී බිය බැතිමත් වන්නේ නම් එවිට සැබැවින්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව අභිඥාන වන්තය.
وَلَنْ تَسْتَطِيعُوا أَنْ تَعْدِلُوا بَيْنَ النِّسَاءِ وَلَوْ حَرَصْتُمْ ۖ فَلَا تَمِيلُوا كُلَّ الْمَيْلِ فَتَذَرُوهَا كَالْمُعَلَّقَةِ ۚ وَإِنْ تُصْلِحُوا وَتَتَّقُوا فَإِنَّ اللَّهَ كَانَ غَفُورًا رَحِيمًا
තවද නුඹලා ආශා කළ ද බිරියන් අතර සාධාරණ ව කටයුතු කිරීමට නුඹලා ශක්තිය නොදරන්නෙහුමය. එබැවින් (එක් බිරියක් වෙත පමණක්) පූර්ණ නැඹුරුවකින් නැඹුරු වී (අනෙක් බිරිය වන) ඇය ව (වැන්දඹුවක් ද අඹුවක් ද යන සැකයෙන්) එල්ලෙන්නියක් මෙන් අත හැර නොදමනු. නුඹලා සමතයට පත් වී බිය බැතිමත් වූයේ නම් එවිට සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය; අසමසම කරුණාන්විතය.
وَإِنْ يَتَفَرَّقَا يُغْنِ اللَّهُ كُلًّا مِنْ سَعَتِهِ ۚ وَكَانَ اللَّهُ وَاسِعًا حَكِيمًا
ඔවුන් දෙදෙනා වෙන් වන්නේ නම්, සෑම කෙනෙකුව ම අල්ලාහ් තම පහසුකම් තුළින් අවශ්‍යතා රහිත කරවයි. තවද අල්ලාහ් සර්ව ව්‍යාප්ත ය. සර්ව ප්‍රඥාවන්තය ය.
Choose other languages:

Albanian

Amharic

Azerbaijani

Bengali

Bosnian

Bulgarian

Burmese

Chinese

Danish

Dutch

English

Farsi

Filipino

French

Fulah

German

Gujarati

Hausa

Hindi

Indonesian

Italian

Japanese

Jawa

Kazakh

Khmer

Korean

Kurdish

Kyrgyz

Malay

Malayalam

Norwegian

Pashto

Persian

Polish

Portuguese

Punjabi

Russian

Sindhi

Sinhalese

Somali

Spanish

Swahili

Swedish

Tajik

Tamil

Tatar

Telugu

Thai

Turkish

Urdu

Uyghur

Uzbek

Vietnamese

Yoruba
