Quran Apps in many lanuages:

Surah An-Nisa Ayahs #128 Translated in Sinhalese

وَمَنْ يَعْمَلْ مِنَ الصَّالِحَاتِ مِنْ ذَكَرٍ أَوْ أُنْثَىٰ وَهُوَ مُؤْمِنٌ فَأُولَٰئِكَ يَدْخُلُونَ الْجَنَّةَ وَلَا يُظْلَمُونَ نَقِيرًا
පිරිමියකුගෙන් හෝ වේවා කාන්තාවකගෙන් හෝ වේවා තමන් විශ්වාසකරන්නෙකු ව සිටිය දී කවරෙකු හෝ දැහැමි ක්‍රියාවන් සිදු කරන්නේ ද එවිට ඔවුහු ස්වර්ගයට පිවිසෙති. ඉඳි ගෙඩි සිවියක ප්‍රමාණයකින්වත් ඔවුහු අපරාධ කරනු නොලබති.
وَمَنْ أَحْسَنُ دِينًا مِمَّنْ أَسْلَمَ وَجْهَهُ لِلَّهِ وَهُوَ مُحْسِنٌ وَاتَّبَعَ مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا ۗ وَاتَّخَذَ اللَّهُ إِبْرَاهِيمَ خَلِيلًا
දැහැමියකුව සිට තම මුහුණ අල්ලාහ් වෙතට අවනත කරවා ඉබ්‍රාහීම්ගේ පිළිවෙත අවංක ව පිළිපදින්නෙකුට වඩා දහමින් ඉතා අලංකාර වන්නේ කවරෙකු ද? අල්ලාහ් ඉබ්‍රාහීම් ව මිතුරෙකු බවට ගත්තේය.
وَلِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۚ وَكَانَ اللَّهُ بِكُلِّ شَيْءٍ مُحِيطًا
අහස්හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද අල්ලාහ්ටම හිමිය. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්වප්‍රකාරයෙන් දන්නාය.
وَيَسْتَفْتُونَكَ فِي النِّسَاءِ ۖ قُلِ اللَّهُ يُفْتِيكُمْ فِيهِنَّ وَمَا يُتْلَىٰ عَلَيْكُمْ فِي الْكِتَابِ فِي يَتَامَى النِّسَاءِ اللَّاتِي لَا تُؤْتُونَهُنَّ مَا كُتِبَ لَهُنَّ وَتَرْغَبُونَ أَنْ تَنْكِحُوهُنَّ وَالْمُسْتَضْعَفِينَ مِنَ الْوِلْدَانِ وَأَنْ تَقُومُوا لِلْيَتَامَىٰ بِالْقِسْطِ ۚ وَمَا تَفْعَلُوا مِنْ خَيْرٍ فَإِنَّ اللَّهَ كَانَ بِهِ عَلِيمًا
(නබිවරය!) කාන්තාවන් සම්බන්ධයෙන් ඔවුහු නුඹගෙන් ආගමික තීන්දු විමසති. නුඹ පවසනු! ඔවුන් සම්බන්ධයෙන් ද ධර්ම පුස්තකයේ නුඹලා වෙත පාරායනය කර පෙන්වා ඇති පරිදි ඔවුනට නියම කරනු ලැබූ දෑ ඔවුනට ලබා නොදී ඔවුන් ව විවාහ කර ගැනීමට නුඹලා ආශා කරන අනාථ කාන්තාවන් සම්බන්ධයෙන් ද දරුවන් අතුරින් දුර්වලයින් සම්බන්ධයෙන් ද අනාථයිනට යුක්ති ගරුක ව කටයුතු කිරීම සම්බන්ධයෙන් ද අල්ලාහ් නුඹලාට ආගමික තීන්දු දෙනු ඇත. නුඹලා කවර යහපතක් කළ ද අල්ලාහ් ඒ පිළිබඳ ව සර්වඥානීය.
وَإِنِ امْرَأَةٌ خَافَتْ مِنْ بَعْلِهَا نُشُوزًا أَوْ إِعْرَاضًا فَلَا جُنَاحَ عَلَيْهِمَا أَنْ يُصْلِحَا بَيْنَهُمَا صُلْحًا ۚ وَالصُّلْحُ خَيْرٌ ۗ وَأُحْضِرَتِ الْأَنْفُسُ الشُّحَّ ۚ وَإِنْ تُحْسِنُوا وَتَتَّقُوا فَإِنَّ اللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا
කාන්තාවක් ඇයගේ සැමියාගෙන් යම් පිළිකුලක් හෝ පිටුපෑමක් ගැන බිය වෙතොත් ඔවුන් දෙදෙනා අතර එකඟතාවකින් සමතයට පැමිණීම ඔවුන් දෙදෙනා මත වරදක් නොවේ. සමතය ශ්‍රේෂ්ඨය. ආත්මාවන් මසුරුකමට බඳුන් වී ඇත. නුඹලා (එකිනෙකාට) සහය දී බිය බැතිමත් වන්නේ නම් එවිට සැබැවින්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව අභිඥාන වන්තය.

Choose other languages: