Quran Apps in many lanuages:

Surah An-Nisa Ayahs #113 Translated in Sinhalese

هَا أَنْتُمْ هَٰؤُلَاءِ جَادَلْتُمْ عَنْهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا فَمَنْ يُجَادِلُ اللَّهَ عَنْهُمْ يَوْمَ الْقِيَامَةِ أَمْ مَنْ يَكُونُ عَلَيْهِمْ وَكِيلًا
මෙන්න, නුඹලා මෙලොව ජීවිතයෙහි ඔවුන් ගැන වාද කරන්නෙහුය. නමුත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් ගැන අල්ලාහ් සමඟ වාද කරනුයේ කවුරුද? එසේ නොමැති නම් ඔවුන් කෙරෙහි භාරකරු‍වෙකු වනුයේ කවුරුද?
وَمَنْ يَعْمَلْ سُوءًا أَوْ يَظْلِمْ نَفْسَهُ ثُمَّ يَسْتَغْفِرِ اللَّهَ يَجِدِ اللَّهَ غَفُورًا رَحِيمًا
කවරෙකු (අනුන්ට) යම් නපුරක් සිදු කර හෝ නැතිනම් තමන්ටම අපරාධයක් සිදු කර පසුව අල්ලාහ්ගෙන් සමාව අයැදින්නේ ද, ඔහු අල්ලාහ් ව අති ක්ෂමාශීලී අසමසම කරුණාන්විතයකු ලෙස දකිනු ඇත.
وَمَنْ يَكْسِبْ إِثْمًا فَإِنَّمَا يَكْسِبُهُ عَلَىٰ نَفْسِهِ ۚ وَكَانَ اللَّهُ عَلِيمًا حَكِيمًا
කවරෙකු පාපයක් උපයන්නේ ද ඔහු එය උපයනුයේ තමන්ටම එරෙහිවය. තවද අල්ලාහ් සර්වඥානී; සර්ව ප්‍රඥාවන්ත ය.
وَمَنْ يَكْسِبْ خَطِيئَةً أَوْ إِثْمًا ثُمَّ يَرْمِ بِهِ بَرِيئًا فَقَدِ احْتَمَلَ بُهْتَانًا وَإِثْمًا مُبِينًا
කවරෙකු වරදක් හෝ පාපයක් හෝ උපයා පසුව එය නිර්දෝෂී කෙනෙකු මත හෙළන්නේ ද එවිට ඔහු අවලාදයක් හා ප්‍රකට පාපයක් උසුලා ගත්තේය.
وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكَ وَرَحْمَتُهُ لَهَمَّتْ طَائِفَةٌ مِنْهُمْ أَنْ يُضِلُّوكَ وَمَا يُضِلُّونَ إِلَّا أَنْفُسَهُمْ ۖ وَمَا يَضُرُّونَكَ مِنْ شَيْءٍ ۚ وَأَنْزَلَ اللَّهُ عَلَيْكَ الْكِتَابَ وَالْحِكْمَةَ وَعَلَّمَكَ مَا لَمْ تَكُنْ تَعْلَمُ ۚ وَكَانَ فَضْلُ اللَّهِ عَلَيْكَ عَظِيمًا
(නබිවරය!) තවද නුඹ කෙරෙහි අල්ලාගේ ආශිර්වාදය හා ඔහුගේ කරුණාව නොවී නම් ඔවුන් අතරින් පිරිසක් නුඹ ව නොමඟ යැවීමට උත්සාහ දරන්නට තිබිණ. නමුත් ඔවුන්වම මිස වෙන කිසිවකු ඔවුන් නොමඟ හැරියේ නැත. කිසිවකින් හෝ ඔවුන් නුඹට පීඩාවක් නොකරනු ඇත. තවද අල්ලාහ් නුඹ කෙරෙහි පුස්තකය (අල් කුර්ආනය) හා ප්‍රඥාව පහළ කළේය. තවද නුඹ නොදැන සිටි දෑ ඔහු නුඹට ඉගැන්වීය. තවද නුඹ කෙරෙහි වූ අල්ලාහ්ගේ භාග්‍යය අතිමහත්ය.

Choose other languages: