Quran Apps in many lanuages:

Surah An-Naml Ayahs #68 Translated in Sinhalese

أَمَّنْ يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ وَمَنْ يَرْزُقُكُمْ مِنَ السَّمَاءِ وَالْأَرْضِ ۗ أَإِلَٰهٌ مَعَ اللَّهِ ۚ قُلْ هَاتُوا بُرْهَانَكُمْ إِنْ كُنْتُمْ صَادِقِينَ
එසේ නැතහොත්, (පූර්වාදර්ශයකින් තොර ව) මැවීම් නිර්මාණය කොට (එය මරණයට පත් වූ) පසු ව යළි ( ප්රාණය දී) ගෙන එන්නා (උතුම්) ද ද? තවද අහස්හි හා මහපොළොවේ නුඹලාට පෝෂණය ලබා දෙන්නා (උතුම්) ද? අල්ලාහ් සමග තවත් දෙවියකු සිටී ද? නුඹලා සත්යවාදීහු නම් නුඹලාගේ සාධක ගෙන එනු යැයි (නබිවරය!) නුඹ පවසනු.
قُلْ لَا يَعْلَمُ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ الْغَيْبَ إِلَّا اللَّهُ ۚ وَمَا يَشْعُرُونَ أَيَّانَ يُبْعَثُونَ
අල්ලාහ් හැර අහස්හි හා මහපොළොවේ සිටින්නන් අදෘශ්යමාන දෑ නොදනී යැයි (නබිවරය!) නුඹ පවසනු. තවද ඔවුන් යළි නැගිටුවනු ලබන්නේ කවදාදැයි ද ඔවුහු නොදනිති.
بَلِ ادَّارَكَ عِلْمُهُمْ فِي الْآخِرَةِ ۚ بَلْ هُمْ فِي شَكٍّ مِنْهَا ۖ بَلْ هُمْ مِنْهَا عَمُونَ
එසේ නොව මතු ලොව පිළිබඳ ඔුවන්ගේ දැනුම පටු විය. නමුත් ඔවුන් ඒ ගැන සැකයෙහිය. නමුත් ඔවුහු ඒ ගැන අන්ධභාවයෙන් පෙළෙන්නෝ වෙති.
وَقَالَ الَّذِينَ كَفَرُوا أَإِذَا كُنَّا تُرَابًا وَآبَاؤُنَا أَئِنَّا لَمُخْرَجُونَ
අප හා අපගේ මුතුන් මිත්තන් පස් බවට පත් ව සිටියදී නියත වශයෙන්ම අපි බැහැර කරනු ලබන්නෝ වෙම්දැයි දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් විමසා සිටියෝය.
لَقَدْ وُعِدْنَا هَٰذَا نَحْنُ وَآبَاؤُنَا مِنْ قَبْلُ إِنْ هَٰذَا إِلَّا أَسَاطِيرُ الْأَوَّلِينَ
මීට පෙරද අප හා අපගේ මුතුන් මිත්තන් මේ ගැන ප්‍රතිඥා දෙනු ලැබුවෙමු. මෙය පැරැණ්නන්ගේ ප්‍රබන්ධයන් මිස වෙනකක් නොවීය.

Choose other languages: