Quran Apps in many lanuages:

Surah An-Naml Ayahs #69 Translated in Sinhalese

قُلْ لَا يَعْلَمُ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ الْغَيْبَ إِلَّا اللَّهُ ۚ وَمَا يَشْعُرُونَ أَيَّانَ يُبْعَثُونَ
අල්ලාහ් හැර අහස්හි හා මහපොළොවේ සිටින්නන් අදෘශ්යමාන දෑ නොදනී යැයි (නබිවරය!) නුඹ පවසනු. තවද ඔවුන් යළි නැගිටුවනු ලබන්නේ කවදාදැයි ද ඔවුහු නොදනිති.
بَلِ ادَّارَكَ عِلْمُهُمْ فِي الْآخِرَةِ ۚ بَلْ هُمْ فِي شَكٍّ مِنْهَا ۖ بَلْ هُمْ مِنْهَا عَمُونَ
එසේ නොව මතු ලොව පිළිබඳ ඔුවන්ගේ දැනුම පටු විය. නමුත් ඔවුන් ඒ ගැන සැකයෙහිය. නමුත් ඔවුහු ඒ ගැන අන්ධභාවයෙන් පෙළෙන්නෝ වෙති.
وَقَالَ الَّذِينَ كَفَرُوا أَإِذَا كُنَّا تُرَابًا وَآبَاؤُنَا أَئِنَّا لَمُخْرَجُونَ
අප හා අපගේ මුතුන් මිත්තන් පස් බවට පත් ව සිටියදී නියත වශයෙන්ම අපි බැහැර කරනු ලබන්නෝ වෙම්දැයි දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් විමසා සිටියෝය.
لَقَدْ وُعِدْنَا هَٰذَا نَحْنُ وَآبَاؤُنَا مِنْ قَبْلُ إِنْ هَٰذَا إِلَّا أَسَاطِيرُ الْأَوَّلِينَ
මීට පෙරද අප හා අපගේ මුතුන් මිත්තන් මේ ගැන ප්‍රතිඥා දෙනු ලැබුවෙමු. මෙය පැරැණ්නන්ගේ ප්‍රබන්ධයන් මිස වෙනකක් නොවීය.
قُلْ سِيرُوا فِي الْأَرْضِ فَانْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الْمُجْرِمِينَ
මහපොළොවේ නුඹලා ගමන් කර වැරදිකරුවන්ගේ අවසානය කෙසේ වී දැයි අවධානයෙන් බලනු යැයි (නබිවරය!) නුඹ පවසනු.

Choose other languages: