Quran Apps in many lanuages:

Surah An-Naml Ayahs #70 Translated in Sinhalese

بَلِ ادَّارَكَ عِلْمُهُمْ فِي الْآخِرَةِ ۚ بَلْ هُمْ فِي شَكٍّ مِنْهَا ۖ بَلْ هُمْ مِنْهَا عَمُونَ
එසේ නොව මතු ලොව පිළිබඳ ඔුවන්ගේ දැනුම පටු විය. නමුත් ඔවුන් ඒ ගැන සැකයෙහිය. නමුත් ඔවුහු ඒ ගැන අන්ධභාවයෙන් පෙළෙන්නෝ වෙති.
وَقَالَ الَّذِينَ كَفَرُوا أَإِذَا كُنَّا تُرَابًا وَآبَاؤُنَا أَئِنَّا لَمُخْرَجُونَ
අප හා අපගේ මුතුන් මිත්තන් පස් බවට පත් ව සිටියදී නියත වශයෙන්ම අපි බැහැර කරනු ලබන්නෝ වෙම්දැයි දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් විමසා සිටියෝය.
لَقَدْ وُعِدْنَا هَٰذَا نَحْنُ وَآبَاؤُنَا مِنْ قَبْلُ إِنْ هَٰذَا إِلَّا أَسَاطِيرُ الْأَوَّلِينَ
මීට පෙරද අප හා අපගේ මුතුන් මිත්තන් මේ ගැන ප්‍රතිඥා දෙනු ලැබුවෙමු. මෙය පැරැණ්නන්ගේ ප්‍රබන්ධයන් මිස වෙනකක් නොවීය.
قُلْ سِيرُوا فِي الْأَرْضِ فَانْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الْمُجْرِمِينَ
මහපොළොවේ නුඹලා ගමන් කර වැරදිකරුවන්ගේ අවසානය කෙසේ වී දැයි අවධානයෙන් බලනු යැයි (නබිවරය!) නුඹ පවසනු.
وَلَا تَحْزَنْ عَلَيْهِمْ وَلَا تَكُنْ فِي ضَيْقٍ مِمَّا يَمْكُرُونَ
තවද ඔවුන් කෙරෙහි ඔබ දුක් නොවනු. තවද ඔවුන් කරන කුමන්ත්රණ හේතුවෙන් ඔබ පීඩනයට පත් නොවනු.

Choose other languages: