Quran Apps in many lanuages:

Surah An-Nahl Ayahs #70 Translated in Sinhalese

وَإِنَّ لَكُمْ فِي الْأَنْعَامِ لَعِبْرَةً ۖ نُسْقِيكُمْ مِمَّا فِي بُطُونِهِ مِنْ بَيْنِ فَرْثٍ وَدَمٍ لَبَنًا خَالِصًا سَائِغًا لِلشَّارِبِينَ
තවද නියත වශයෙන්ම ගොවිපළ සතුන් තුළ නුඹලාට ආදර්ශයක් ඇත. උන්ගේ කුස තුළ මල හා ලේ අතර වූ දැයින් පානය කරන්නන්හට රසවත් පිරිසිදු කිරි අපි නුඹලාට පානය කිරීමට සපයන්නෙමු.
وَمِنْ ثَمَرَاتِ النَّخِيلِ وَالْأَعْنَابِ تَتَّخِذُونَ مِنْهُ سَكَرًا وَرِزْقًا حَسَنًا ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِقَوْمٍ يَعْقِلُونَ
තවද ඉඳි හා මිදි (වැනි) පලතුරු වලින් ද (පානය කිරීමට සපයන්නෙමු.) නුඹලා ඉන් මත් පැන් හා ප්‍රණීත ආහාර ගන්නෙහුය. නියත වශයෙන්ම එහි අවබෝධ කර ජනයාට සංඥාවක් ඇත.
وَأَوْحَىٰ رَبُّكَ إِلَى النَّحْلِ أَنِ اتَّخِذِي مِنَ الْجِبَالِ بُيُوتًا وَمِنَ الشَّجَرِ وَمِمَّا يَعْرِشُونَ
තවද කඳු වලද ගස් වලද ඔවුන් ඉදි කරන දෑහි ද නුඹ නිවෙස් තනා ගනුයි මී මැස්සියට නුඹගේ පරමාධිපති හැ‍ඟෙව්වේය.
ثُمَّ كُلِي مِنْ كُلِّ الثَّمَرَاتِ فَاسْلُكِي سُبُلَ رَبِّكِ ذُلُلًا ۚ يَخْرُجُ مِنْ بُطُونِهَا شَرَابٌ مُخْتَلِفٌ أَلْوَانُهُ فِيهِ شِفَاءٌ لِلنَّاسِ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِقَوْمٍ يَتَفَكَّرُونَ
පසු ව නුඹ සියලු පලතුරු වලින් අනුභව කර නුඹගේ පරමාධිපතිගේ මං මාවත් වල පහසුවෙන් ගමන් ගනු. උගේ කුස තුළින් එහි විවිධ වර්ණයෙන් වූ පානය පිටවෙයි. එහි ජනයාට සුවය ඇත. නියත වශයෙන්ම එහි සිතා බලන ජනයා හට සංඥාවක් ඇත.
وَاللَّهُ خَلَقَكُمْ ثُمَّ يَتَوَفَّاكُمْ ۚ وَمِنْكُمْ مَنْ يُرَدُّ إِلَىٰ أَرْذَلِ الْعُمُرِ لِكَيْ لَا يَعْلَمَ بَعْدَ عِلْمٍ شَيْئًا ۚ إِنَّ اللَّهَ عَلِيمٌ قَدِيرٌ
තවද අල්ලාහ් නුඹලා ව මැව්වේය. පසු ව නුඹලා ව ඔහු මරණයට පත් කරන්නේය. දැනුම ලැබුවායින් පසු කිසිවක් දැනගත නොහැකි පරිදි දුබල වියට යොමු කරනු ලබන්නන් ද නුඹලා අතර වෙති. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය; මහා ශක්තිවන්තය.

Choose other languages: