Quran Apps in many lanuages:

Surah An-Nahl Ayahs #71 Translated in Sinhalese

وَمِنْ ثَمَرَاتِ النَّخِيلِ وَالْأَعْنَابِ تَتَّخِذُونَ مِنْهُ سَكَرًا وَرِزْقًا حَسَنًا ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِقَوْمٍ يَعْقِلُونَ
තවද ඉඳි හා මිදි (වැනි) පලතුරු වලින් ද (පානය කිරීමට සපයන්නෙමු.) නුඹලා ඉන් මත් පැන් හා ප්‍රණීත ආහාර ගන්නෙහුය. නියත වශයෙන්ම එහි අවබෝධ කර ජනයාට සංඥාවක් ඇත.
وَأَوْحَىٰ رَبُّكَ إِلَى النَّحْلِ أَنِ اتَّخِذِي مِنَ الْجِبَالِ بُيُوتًا وَمِنَ الشَّجَرِ وَمِمَّا يَعْرِشُونَ
තවද කඳු වලද ගස් වලද ඔවුන් ඉදි කරන දෑහි ද නුඹ නිවෙස් තනා ගනුයි මී මැස්සියට නුඹගේ පරමාධිපති හැ‍ඟෙව්වේය.
ثُمَّ كُلِي مِنْ كُلِّ الثَّمَرَاتِ فَاسْلُكِي سُبُلَ رَبِّكِ ذُلُلًا ۚ يَخْرُجُ مِنْ بُطُونِهَا شَرَابٌ مُخْتَلِفٌ أَلْوَانُهُ فِيهِ شِفَاءٌ لِلنَّاسِ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِقَوْمٍ يَتَفَكَّرُونَ
පසු ව නුඹ සියලු පලතුරු වලින් අනුභව කර නුඹගේ පරමාධිපතිගේ මං මාවත් වල පහසුවෙන් ගමන් ගනු. උගේ කුස තුළින් එහි විවිධ වර්ණයෙන් වූ පානය පිටවෙයි. එහි ජනයාට සුවය ඇත. නියත වශයෙන්ම එහි සිතා බලන ජනයා හට සංඥාවක් ඇත.
وَاللَّهُ خَلَقَكُمْ ثُمَّ يَتَوَفَّاكُمْ ۚ وَمِنْكُمْ مَنْ يُرَدُّ إِلَىٰ أَرْذَلِ الْعُمُرِ لِكَيْ لَا يَعْلَمَ بَعْدَ عِلْمٍ شَيْئًا ۚ إِنَّ اللَّهَ عَلِيمٌ قَدِيرٌ
තවද අල්ලාහ් නුඹලා ව මැව්වේය. පසු ව නුඹලා ව ඔහු මරණයට පත් කරන්නේය. දැනුම ලැබුවායින් පසු කිසිවක් දැනගත නොහැකි පරිදි දුබල වියට යොමු කරනු ලබන්නන් ද නුඹලා අතර වෙති. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය; මහා ශක්තිවන්තය.
وَاللَّهُ فَضَّلَ بَعْضَكُمْ عَلَىٰ بَعْضٍ فِي الرِّزْقِ ۚ فَمَا الَّذِينَ فُضِّلُوا بِرَادِّي رِزْقِهِمْ عَلَىٰ مَا مَلَكَتْ أَيْمَانُهُمْ فَهُمْ فِيهِ سَوَاءٌ ۚ أَفَبِنِعْمَةِ اللَّهِ يَجْحَدُونَ
තවද අල්ලාහ් නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකුට වඩා සම්පත් වලින් උසස් කළේය. එසේ උසස් කරනු ලැබූවන් ඔවුන්ගේ සම්පත් ඔවුන්ගේ දකුණත් හිමිකර ගත් අයට දී ඔවුන් තමන්ට සමානයින් බවට පත් කර නොගනී. එහෙයින් අල්ලාහ්ගේ ආශිර්වාදය ඔවුහු ප්‍රතික්ෂේප කරන්නෝ ද?

Choose other languages: