Quran Apps in many lanuages:

Surah An-Nahl Ayahs #69 Translated in Sinhalese

وَاللَّهُ أَنْزَلَ مِنَ السَّمَاءِ مَاءً فَأَحْيَا بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِقَوْمٍ يَسْمَعُونَ
තවද අල්ලාහ් අහසින් ජලය පහළ කොට මහපොළොව මිය ගිය පසු ව එමගින් ඔහු එය ප්‍රාණවත් කරයි. සවන් දෙන ජනයාට නියත වශයෙන්ම එහි සංඥාවක් ඇත.
وَإِنَّ لَكُمْ فِي الْأَنْعَامِ لَعِبْرَةً ۖ نُسْقِيكُمْ مِمَّا فِي بُطُونِهِ مِنْ بَيْنِ فَرْثٍ وَدَمٍ لَبَنًا خَالِصًا سَائِغًا لِلشَّارِبِينَ
තවද නියත වශයෙන්ම ගොවිපළ සතුන් තුළ නුඹලාට ආදර්ශයක් ඇත. උන්ගේ කුස තුළ මල හා ලේ අතර වූ දැයින් පානය කරන්නන්හට රසවත් පිරිසිදු කිරි අපි නුඹලාට පානය කිරීමට සපයන්නෙමු.
وَمِنْ ثَمَرَاتِ النَّخِيلِ وَالْأَعْنَابِ تَتَّخِذُونَ مِنْهُ سَكَرًا وَرِزْقًا حَسَنًا ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِقَوْمٍ يَعْقِلُونَ
තවද ඉඳි හා මිදි (වැනි) පලතුරු වලින් ද (පානය කිරීමට සපයන්නෙමු.) නුඹලා ඉන් මත් පැන් හා ප්‍රණීත ආහාර ගන්නෙහුය. නියත වශයෙන්ම එහි අවබෝධ කර ජනයාට සංඥාවක් ඇත.
وَأَوْحَىٰ رَبُّكَ إِلَى النَّحْلِ أَنِ اتَّخِذِي مِنَ الْجِبَالِ بُيُوتًا وَمِنَ الشَّجَرِ وَمِمَّا يَعْرِشُونَ
තවද කඳු වලද ගස් වලද ඔවුන් ඉදි කරන දෑහි ද නුඹ නිවෙස් තනා ගනුයි මී මැස්සියට නුඹගේ පරමාධිපති හැ‍ඟෙව්වේය.
ثُمَّ كُلِي مِنْ كُلِّ الثَّمَرَاتِ فَاسْلُكِي سُبُلَ رَبِّكِ ذُلُلًا ۚ يَخْرُجُ مِنْ بُطُونِهَا شَرَابٌ مُخْتَلِفٌ أَلْوَانُهُ فِيهِ شِفَاءٌ لِلنَّاسِ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِقَوْمٍ يَتَفَكَّرُونَ
පසු ව නුඹ සියලු පලතුරු වලින් අනුභව කර නුඹගේ පරමාධිපතිගේ මං මාවත් වල පහසුවෙන් ගමන් ගනු. උගේ කුස තුළින් එහි විවිධ වර්ණයෙන් වූ පානය පිටවෙයි. එහි ජනයාට සුවය ඇත. නියත වශයෙන්ම එහි සිතා බලන ජනයා හට සංඥාවක් ඇත.

Choose other languages: