Quran Apps in many lanuages:

Surah Al-Maeda Ayahs #100 Translated in Sinhalese

أُحِلَّ لَكُمْ صَيْدُ الْبَحْرِ وَطَعَامُهُ مَتَاعًا لَكُمْ وَلِلسَّيَّارَةِ ۖ وَحُرِّمَ عَلَيْكُمْ صَيْدُ الْبَرِّ مَا دُمْتُمْ حُرُمًا ۗ وَاتَّقُوا اللَّهَ الَّذِي إِلَيْهِ تُحْشَرُونَ
නුඹලා හා නුඹලාගේ වාහනික සතුන් භුක්ති විදිනු පිණිස මුහුදු සතුන් දඬයම් කිරීම හා එය ආහාරයට ගැනීම නුඹලාට අනුමත කරන ලදී. නමුත් ඉහ්රාම් තත්ත්වයේ සිටින කල්තාක් ගොඩබිම සතුන් දඬයම් කිරීම නුඹලාට තහනම් කරන ලදී. තවද නුඹලා කවරෙකු වෙත එක් රැස් කරනු ලබන්නෙහු ද එවන් අල්ලාහ්ට නුඹලා බිය බැතිමත් වනු.
جَعَلَ اللَّهُ الْكَعْبَةَ الْبَيْتَ الْحَرَامَ قِيَامًا لِلنَّاسِ وَالشَّهْرَ الْحَرَامَ وَالْهَدْيَ وَالْقَلَائِدَ ۚ ذَٰلِكَ لِتَعْلَمُوا أَنَّ اللَّهَ يَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَأَنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
පාරිශුද්ධ නිවස වන කඃබාව ජනයාට නියාමන ස්ථානයක් බවට නියම කළේය. තවද සැබැවින්ම අල්ලාහ් අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ දන්නා බව නුඹලා දැන ගනු පිණිස පරිශුද්ධවූ මාසය ද සත්ව කැපය ද (කුර්බාන් සඳහා) සලකුණු තබන ලැබූ දෑ ද නියම කළේය. තවද සැබැවින්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්වඥානීය..
اعْلَمُوا أَنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ وَأَنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ
සැබැවින්ම අල්ලාහ් දඬුවම් කිරීමෙහි ඉතා දැඩි බවත් සැබැවින්ම අල්ලාහ් අතික්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්ත බවත් දැන ගනු.
مَا عَلَى الرَّسُولِ إِلَّا الْبَلَاغُ ۗ وَاللَّهُ يَعْلَمُ مَا تُبْدُونَ وَمَا تَكْتُمُونَ
(දේව පණිවිඩ) දන්වා සිටීම මිස වෙනත් කිසිවක් රසූල්වරයා වෙත පැවරී නොමැත. තවද නුඹලා හෙළි කරන දෑ ද වසන් කරන දෑ ද අල්ලාහ් දන්නේය.
قُلْ لَا يَسْتَوِي الْخَبِيثُ وَالطَّيِّبُ وَلَوْ أَعْجَبَكَ كَثْرَةُ الْخَبِيثِ ۚ فَاتَّقُوا اللَّهَ يَا أُولِي الْأَلْبَابِ لَعَلَّكُمْ تُفْلِحُونَ
නපුරු දෑ බහුල ව තිබීම නුඹ ව මවිතයට පත් කළ ද නපුරු දෑ හා යහපත් දෑ සමාන නොවන බව (නබිවරය!) නුඹ පවසනු. එබැවින් බුද්ධිමතුනි! නුඹලා ජයග්‍රහණය ලැබිය හැකි වනු පිණිස අල්ලාහ්ට බිය බැතිමත් වනු.

Choose other languages: