Quran Apps in many lanuages:

Surah Al-Isra Ayahs #93 Translated in Sinhalese

وَلَقَدْ صَرَّفْنَا لِلنَّاسِ فِي هَٰذَا الْقُرْآنِ مِنْ كُلِّ مَثَلٍ فَأَبَىٰ أَكْثَرُ النَّاسِ إِلَّا كُفُورًا
තවද මෙම අල්-කුර්ආනයෙහි සෑම උපමාවක් තුළින්ම (විවිධ පැතිකඩ වලින්) අපි විස්තර කළෙමු. නමුත් ජනයාගෙන් බහුතරයක් දෙනා දැඩි ප්‍රතික්ෂේපකයින් ලෙස සිටියා මිස (එය) පිළිගත්තේ නැත.
وَقَالُوا لَنْ نُؤْمِنَ لَكَ حَتَّىٰ تَفْجُرَ لَنَا مِنَ الْأَرْضِ يَنْبُوعًا
තවද මහපොළොවෙන් උල්පතක් අප වෙත නුඹ මතු කර දෙන තෙක් අපි නුඹ ව විශ්වාස නොකරන්නේමය යැයි ඔවුහු පැවසූහ.
أَوْ تَكُونَ لَكَ جَنَّةٌ مِنْ نَخِيلٍ وَعِنَبٍ فَتُفَجِّرَ الْأَنْهَارَ خِلَالَهَا تَفْجِيرًا
. නැතහොත් ඉඳි හා මිදි වලින් යුත් උයනක් නුඹට තිබී ඒ අතර ගංගාවන් නුඹ මතු කරන තෙක් හෝ,
أَوْ تُسْقِطَ السَّمَاءَ كَمَا زَعَمْتَ عَلَيْنَا كِسَفًا أَوْ تَأْتِيَ بِاللَّهِ وَالْمَلَائِكَةِ قَبِيلًا
. නැතහොත් නුඹ ප්‍රතිඥා කළ පරිදි අප වෙත අහස කැබලි වලට කඩා නුඹ බිම හෙළෙන තෙක් හෝ නැතහොත් අල්ලාහ් හා මලක්වරුන් (අප) ඉදිරියට නුඹ ගෙන එන තෙක් හෝ,
أَوْ يَكُونَ لَكَ بَيْتٌ مِنْ زُخْرُفٍ أَوْ تَرْقَىٰ فِي السَّمَاءِ وَلَنْ نُؤْمِنَ لِرُقِيِّكَ حَتَّىٰ تُنَزِّلَ عَلَيْنَا كِتَابًا نَقْرَؤُهُ ۗ قُلْ سُبْحَانَ رَبِّي هَلْ كُنْتُ إِلَّا بَشَرًا رَسُولًا
නැතහොත් නුඹට රනින් වූ නිවසක් තිබෙන තෙක් හෝ නැතහොත් අහසට නුඹ නැග යන තෙක් හෝ (අපි නුඹ ව විශ්වාස නොකරන්නේමය.) තවද නුඹ අප වෙත ග්‍රන්ථයක් පහළ කොට එය අපි කියවන තෙක් නුඹගේ ආරෝහණ ගමන සැබැවින්ම අපි විශ්වාස නොකරන්නෙමු. මාගේ පරමාධිපති සුවිශුද්ධය. මම ධර්ම දූතයකු වූ මිනිසෙකු විනා (වෙනත් ස්වරූපයකින්) මම සිටියෙම්දැයි? (නබිවරය! ඔවුන්ගෙන්) නුඹ විමසනු.

Choose other languages: