Quran Apps in many lanuages:

Surah Al-Isra Ayahs #95 Translated in Sinhalese

أَوْ تَكُونَ لَكَ جَنَّةٌ مِنْ نَخِيلٍ وَعِنَبٍ فَتُفَجِّرَ الْأَنْهَارَ خِلَالَهَا تَفْجِيرًا
. නැතහොත් ඉඳි හා මිදි වලින් යුත් උයනක් නුඹට තිබී ඒ අතර ගංගාවන් නුඹ මතු කරන තෙක් හෝ,
أَوْ تُسْقِطَ السَّمَاءَ كَمَا زَعَمْتَ عَلَيْنَا كِسَفًا أَوْ تَأْتِيَ بِاللَّهِ وَالْمَلَائِكَةِ قَبِيلًا
. නැතහොත් නුඹ ප්‍රතිඥා කළ පරිදි අප වෙත අහස කැබලි වලට කඩා නුඹ බිම හෙළෙන තෙක් හෝ නැතහොත් අල්ලාහ් හා මලක්වරුන් (අප) ඉදිරියට නුඹ ගෙන එන තෙක් හෝ,
أَوْ يَكُونَ لَكَ بَيْتٌ مِنْ زُخْرُفٍ أَوْ تَرْقَىٰ فِي السَّمَاءِ وَلَنْ نُؤْمِنَ لِرُقِيِّكَ حَتَّىٰ تُنَزِّلَ عَلَيْنَا كِتَابًا نَقْرَؤُهُ ۗ قُلْ سُبْحَانَ رَبِّي هَلْ كُنْتُ إِلَّا بَشَرًا رَسُولًا
නැතහොත් නුඹට රනින් වූ නිවසක් තිබෙන තෙක් හෝ නැතහොත් අහසට නුඹ නැග යන තෙක් හෝ (අපි නුඹ ව විශ්වාස නොකරන්නේමය.) තවද නුඹ අප වෙත ග්‍රන්ථයක් පහළ කොට එය අපි කියවන තෙක් නුඹගේ ආරෝහණ ගමන සැබැවින්ම අපි විශ්වාස නොකරන්නෙමු. මාගේ පරමාධිපති සුවිශුද්ධය. මම ධර්ම දූතයකු වූ මිනිසෙකු විනා (වෙනත් ස්වරූපයකින්) මම සිටියෙම්දැයි? (නබිවරය! ඔවුන්ගෙන්) නුඹ විමසනු.
وَمَا مَنَعَ النَّاسَ أَنْ يُؤْمِنُوا إِذْ جَاءَهُمُ الْهُدَىٰ إِلَّا أَنْ قَالُوا أَبَعَثَ اللَّهُ بَشَرًا رَسُولًا
. තවද ජනයා වෙත යහ මග පැමිණි විට " අල්ලාහ් ධර්ම දූතයකු වශයෙන් මිනිසෙකුවද යැව්වේ" යැයි විමසීම මිස වෙනත් කිසිවක් ඔවුන් විශ්වාස කිරීමෙන් ඔවුන් ව වැළැක්වූයේ නැත
قُلْ لَوْ كَانَ فِي الْأَرْضِ مَلَائِكَةٌ يَمْشُونَ مُطْمَئِنِّينَ لَنَزَّلْنَا عَلَيْهِمْ مِنَ السَّمَاءِ مَلَكًا رَسُولًا
මහපොළොවේ මලක්වරු සන්සුන් ව සැරිසරමින් (ජීවත් ව) පැමිණ තිබුණා නම් අපි ඔවුන් වෙත අහසින් රසූල්වරයකු වශයෙන් මලක්වරයකු එවන්නට තිබුණි යැයි (නබිවරය!) නුඹ පවසනු.

Choose other languages: