Quran Apps in many lanuages:

Surah Al-Hashr Ayahs #14 Translated in Sinhalese

وَالَّذِينَ جَاءُوا مِنْ بَعْدِهِمْ يَقُولُونَ رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذِينَ سَبَقُونَا بِالْإِيمَانِ وَلَا تَجْعَلْ فِي قُلُوبِنَا غِلًّا لِلَّذِينَ آمَنُوا رَبَّنَا إِنَّكَ رَءُوفٌ رَحِيمٌ
තවද ඔවුනට පසු ව පැමිණියවුන් ‘අපගේ පරමාධිපතියාණනි! අප හා දේව විශ්වාසයෙන් අපට පෙර ඉකුත් ව ගිය අපගේ සහෝදරයින්ට සමාව දෙනු මැනව! විශ්වාස කළවුන් පිළිබඳ ව ද්වේෂයක් අපගේ සිත් තුළ ඇති නොකරනු මැනව! අපගේ පරමාධිපතියාණනි! නියත වශයෙන්ම නුඹ සෙනෙහෙවන්තය; මහා කරුණාන්විතය යැයි පවසති.
أَلَمْ تَرَ إِلَى الَّذِينَ نَافَقُوا يَقُولُونَ لِإِخْوَانِهِمُ الَّذِينَ كَفَرُوا مِنْ أَهْلِ الْكِتَابِ لَئِنْ أُخْرِجْتُمْ لَنَخْرُجَنَّ مَعَكُمْ وَلَا نُطِيعُ فِيكُمْ أَحَدًا أَبَدًا وَإِنْ قُوتِلْتُمْ لَنَنْصُرَنَّكُمْ وَاللَّهُ يَشْهَدُ إِنَّهُمْ لَكَاذِبُونَ
“නුඹලා බැහැර කරනු ලබන්නෙහු නම් අප ද නුඹලා සමග බැහැර වන්නෙමු. නුඹලා විෂයයෙහි කිසිවිටෙක කිසිවකුට අපි අවනත නොවන්නෙමු. නුඹලා පහර දෙනු ලැබුවෙහු නම් අපි නුඹලාට උදව් කරන්නෙමු” යැයි ධර්ම ග්‍රන්ථ ලැබූවන් අතරින් ප්‍රතික්ෂේප කළා වූ ඔවුන්ගේ සහෝදරයින්ට පවසන කුහකයින් දෙස නුඹ නොදුටුවෙහි ද? තවද නියත වශයෙන්ම ඔවුහු බොරුකාරයෝ යැයි අල්ලාහ් සාක්ෂි දරයි.
لَئِنْ أُخْرِجُوا لَا يَخْرُجُونَ مَعَهُمْ وَلَئِنْ قُوتِلُوا لَا يَنْصُرُونَهُمْ وَلَئِنْ نَصَرُوهُمْ لَيُوَلُّنَّ الْأَدْبَارَ ثُمَّ لَا يُنْصَرُونَ
ඔවුන් බැහැර කරනු ලැබුවේ නම් ඔවුන් සමග (කුහකයින් වන) මොවුහු බැහැර නොවෙති. තවද ඔවුනට පහර දෙනු ලැබුවේ නම් මොවුහු ඔවුනට උදව් නොකරති. සැබැවින්ම ඔවුහු මොවුනට උදව් කළේ නම්, ඔවුහු ආපස්සට හැරී යනු ඇත. පසු ව ඔවුහු උදව් කරනු නොලබති.
لَأَنْتُمْ أَشَدُّ رَهْبَةً فِي صُدُورِهِمْ مِنَ اللَّهِ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌ لَا يَفْقَهُونَ
අල්ලාහ්ට වඩා නුඹලා කෙරෙහි දැඩි බියක් ඔවුන්ගේ හදවත් තුළ පවතී. එය නියත වශයෙන්ම ඔවුන් වටහා නොගන්නා පිරිසක් බැවිනි.
لَا يُقَاتِلُونَكُمْ جَمِيعًا إِلَّا فِي قُرًى مُحَصَّنَةٍ أَوْ مِنْ وَرَاءِ جُدُرٍ ۚ بَأْسُهُمْ بَيْنَهُمْ شَدِيدٌ ۚ تَحْسَبُهُمْ جَمِيعًا وَقُلُوبُهُمْ شَتَّىٰ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌ لَا يَعْقِلُونَ
ආරක්ෂිත ගම්මානයන් තුළ සිට හෝ බැමි වලට පසුපසින් සිට හෝ මිස නුඹලා සමග එක් ව ඔවුහු සටන් නොකරති. ඔවුන්ගේ සතුරුකම ඔවුන් අතර ප්‍රබලය. ඔවුන් එක් ව සිටිනු ඇතැයි නුඹ සිතන්නෙහිය. නමුත් ඔවුන්ගේ හදවත් භින්න වී ඇත. එය ඔවුන් අවබෝධ කර ගන්නා පිරිසක් නොවන බැවිනි.

Choose other languages: