Quran Apps in many lanuages:

Surah Al-Fath Ayahs #15 Translated in Sinhalese

سَيَقُولُ لَكَ الْمُخَلَّفُونَ مِنَ الْأَعْرَابِ شَغَلَتْنَا أَمْوَالُنَا وَأَهْلُونَا فَاسْتَغْفِرْ لَنَا ۚ يَقُولُونَ بِأَلْسِنَتِهِمْ مَا لَيْسَ فِي قُلُوبِهِمْ ۚ قُلْ فَمَنْ يَمْلِكُ لَكُمْ مِنَ اللَّهِ شَيْئًا إِنْ أَرَادَ بِكُمْ ضَرًّا أَوْ أَرَادَ بِكُمْ نَفْعًا ۚ بَلْ كَانَ اللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرًا
අපගේ ධනසම්පත් හා අපගේ පවුල් අප ව නිරත කරවීය. එහෙයින් අපට සමාව දෙනු යැයි ගැමි අරාබිවරුන් අතරින් පමාවී රැඳී සිටියවුන් නුඹට මතු පවසනු ඇත. ඔවුන්ගේ සිත් තුළ නැති දෑ ඔවුන්ගේ දිවවල් වලින් ඔවුහු පවසති. ඔහු නුඹලාට යම් හානියක් අපේක්ෂා කළේ නම් හෝ නුඹලාට යම් ප්‍රයෝජනයක් අපේක්ෂා කළේ නම් හෝ අල්ලාහ් වෙත (මැදිහත් වීමට) ශක්තිය දරනුයේ කවුරුන් ද? එසේ නොව, නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අල්ලාහ් අභිඥාවන්තය.
بَلْ ظَنَنْتُمْ أَنْ لَنْ يَنْقَلِبَ الرَّسُولُ وَالْمُؤْمِنُونَ إِلَىٰ أَهْلِيهِمْ أَبَدًا وَزُيِّنَ ذَٰلِكَ فِي قُلُوبِكُمْ وَظَنَنْتُمْ ظَنَّ السَّوْءِ وَكُنْتُمْ قَوْمًا بُورًا
එසේ නොව, රසූල්වරයා හා විශ්වාසවන්තයෝ ඔවුන්ගේ පවුල් වෙත කිසිවිටෙක නැවත හැරී නොඑන්නේම යැයි නුඹලා සිතුවෙහුය. එය නුඹලාගේ සිත් තුළ අලංකාර කර පෙන්වන ලදී. තවද නුඹලා සිතුවේ නරක සිතුවිල්ලකි. තවද නුඹලා විනාශ කරනු ලබන පිරිසක් බවට ද පත්වූයෙහුය.
وَمَنْ لَمْ يُؤْمِنْ بِاللَّهِ وَرَسُولِهِ فَإِنَّا أَعْتَدْنَا لِلْكَافِرِينَ سَعِيرًا
තවද කවරෙකු අල්ලාහ් හා ඔහුගේ දහම් දූතයාව විශ්වාස නොකළේ ද නියත වශයෙන්ම එම ප්‍රතික්ෂේපකයින්ට අපි ඇවිළෙන ගින්නක් සූදානම් කර ඇත්තෙමු.
وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ يَغْفِرُ لِمَنْ يَشَاءُ وَيُعَذِّبُ مَنْ يَشَاءُ ۚ وَكَانَ اللَّهُ غَفُورًا رَحِيمًا
තවද අහස් හා මහපොළොවෙහි ආධිපත්‍යය අල්ලාහ් සතුය. ඔහු අභිමත කරන අයට සමාව දෙයි. තවද ඔහු අභිමත කරන අයට දඬුවම් කරයි. තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; මහා කරුණාන්විතය.
سَيَقُولُ الْمُخَلَّفُونَ إِذَا انْطَلَقْتُمْ إِلَىٰ مَغَانِمَ لِتَأْخُذُوهَا ذَرُونَا نَتَّبِعْكُمْ ۖ يُرِيدُونَ أَنْ يُبَدِّلُوا كَلَامَ اللَّهِ ۚ قُلْ لَنْ تَتَّبِعُونَا كَذَٰلِكُمْ قَالَ اللَّهُ مِنْ قَبْلُ ۖ فَسَيَقُولُونَ بَلْ تَحْسُدُونَنَا ۚ بَلْ كَانُوا لَا يَفْقَهُونَ إِلَّا قَلِيلًا
යුද බිමේ (සතුරා දමා ගිය) වස්තුව ගැනීම සඳහා “අපත් නුඹලා පසුපසින් එන්නට නුඹලා අපට ඉඩ දෙනුයි” පමාවී රැඳී සිටියවුන් කියති. අල්ලාහ්ගේ වදන වෙනස් කිරීමට ඔවුහු අපේක්ෂා කරති. “නුඹලා අප පසුපසින් නොපැමිණෙනු. මීට පෙර අල්ලාහ් පවසා සිටියේ ද එලෙසය” යැයි (නබිවරය!) නුඹ පවසනු. එවිට ඔවුහු, “එසේ නොව නුඹලා අපට ඊර්ෂ්යා කරන්නෙහුය” යැයි පවසනු ඇත. එසේ නොව ස්වල්පයක් මිස ඔවුහු වටහා නොගන්නන් වූහ.

Choose other languages: