Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #77 Translated in Sinhalese

فَقُلْنَا اضْرِبُوهُ بِبَعْضِهَا ۚ كَذَٰلِكَ يُحْيِي اللَّهُ الْمَوْتَىٰ وَيُرِيكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَعْقِلُونَ
එවිට එහි ( කපන ලද එළදෙන ගේ) කොටසකින් නුඹලා (මිය ගිය) ඔහු ට ගසනු යැයි අපි කීවෙමු. මියගියවුන් ට අල්ලාහ් ප්‍රාණය දෙන්නේ එලෙස ය. තවද නුඹලා ට වටහා ගත හැකි වනු පිණිස ඔහු නුඹලා ට ඔහු ගේ සාධකයන් පෙන්වන්නේ ය.
ثُمَّ قَسَتْ قُلُوبُكُمْ مِنْ بَعْدِ ذَٰلِكَ فَهِيَ كَالْحِجَارَةِ أَوْ أَشَدُّ قَسْوَةً ۚ وَإِنَّ مِنَ الْحِجَارَةِ لَمَا يَتَفَجَّرُ مِنْهُ الْأَنْهَارُ ۚ وَإِنَّ مِنْهَا لَمَا يَشَّقَّقُ فَيَخْرُجُ مِنْهُ الْمَاءُ ۚ وَإِنَّ مِنْهَا لَمَا يَهْبِطُ مِنْ خَشْيَةِ اللَّهِ ۗ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ
අනතුරු ව, ඉන් පසු ව පවා නුඹලා ගේ හදවත් දැඩි විය. ඒවා ගල් මෙන්ය. එසේ නොමැති නම් ඊටත් වඩා දැඩි ය. ගල් අතුරින් පිපිරී එමගින් ගංගාවන් ගලන දෑ ඇත. සැබැවින් ම ඒ අතුරින් පැළී විවර වී එමගින් ජලය පිට කරන දෑ ද ඇත. සැබැවින් ම ඒ අතුරින් අල්ලාහ් ට බියෙන් ඇද හැළෙන දෑ ද ඇත. එමෙන් ම නුඹලා කරමින් සිටින දෑ ගැන අල්ලාහ් අනවධානියෙකු නොවේ.
أَفَتَطْمَعُونَ أَنْ يُؤْمِنُوا لَكُمْ وَقَدْ كَانَ فَرِيقٌ مِنْهُمْ يَسْمَعُونَ كَلَامَ اللَّهِ ثُمَّ يُحَرِّفُونَهُ مِنْ بَعْدِ مَا عَقَلُوهُ وَهُمْ يَعْلَمُونَ
(විශ්වාස කළවුනි!) නුඹලා ව ඔවුන් විශ්වාස කරනු ඇතැයි නුඹලා ප්‍රිය කරන්නෙහුද ? තවද සැබැවින්ම ඔවුන් අතුරින් පිරිසක් අල්ලාහ් ගේ වදන්වලට සවන් දී අනතුරු ව එය වටහා ගත් පසු ව පවා ඔවුන් දැනුවත්ව ම එය වෙනස් කළහ.
وَإِذَا لَقُوا الَّذِينَ آمَنُوا قَالُوا آمَنَّا وَإِذَا خَلَا بَعْضُهُمْ إِلَىٰ بَعْضٍ قَالُوا أَتُحَدِّثُونَهُمْ بِمَا فَتَحَ اللَّهُ عَلَيْكُمْ لِيُحَاجُّوكُمْ بِهِ عِنْدَ رَبِّكُمْ ۚ أَفَلَا تَعْقِلُونَ
ඔවුහු විශ්වාස කළවුන් හමු වූ විට "අපි විශ්වාස කළෙමු" යැයි පවසති. ඔවුන්ගෙන් ඇතැම් හු ඇතැමුන් සමඟ වෙන් ව ගිය විට " ඒ මගින් නුඹලා ගේ පරමාධිපති ඉදිරියේ ඔවුන් නුඹලා සමඟ වාද කරනු පිණිස, අල්ලාහ් නුඹලාට නිරාවරණය කළ දැය නුඹලා ඔවුන ට දන්වන්නෙහු ද? (මේ ගැන) නුඹලා දැන ගත යුතු නොවේද ? යැයි පැවසූහ.
أَوَلَا يَعْلَمُونَ أَنَّ اللَّهَ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ
සැබැවින් ම ඔවුන් සඟවන දැයද, තව ද ඔවුන් හෙළි කරන දැයද අල්ලාහ් දන්නේය යැයි ඔවුහු නොදන්නෝ ද?

Choose other languages: