Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #80 Translated in Sinhalese

وَإِذَا لَقُوا الَّذِينَ آمَنُوا قَالُوا آمَنَّا وَإِذَا خَلَا بَعْضُهُمْ إِلَىٰ بَعْضٍ قَالُوا أَتُحَدِّثُونَهُمْ بِمَا فَتَحَ اللَّهُ عَلَيْكُمْ لِيُحَاجُّوكُمْ بِهِ عِنْدَ رَبِّكُمْ ۚ أَفَلَا تَعْقِلُونَ
ඔවුහු විශ්වාස කළවුන් හමු වූ විට "අපි විශ්වාස කළෙමු" යැයි පවසති. ඔවුන්ගෙන් ඇතැම් හු ඇතැමුන් සමඟ වෙන් ව ගිය විට " ඒ මගින් නුඹලා ගේ පරමාධිපති ඉදිරියේ ඔවුන් නුඹලා සමඟ වාද කරනු පිණිස, අල්ලාහ් නුඹලාට නිරාවරණය කළ දැය නුඹලා ඔවුන ට දන්වන්නෙහු ද? (මේ ගැන) නුඹලා දැන ගත යුතු නොවේද ? යැයි පැවසූහ.
أَوَلَا يَعْلَمُونَ أَنَّ اللَّهَ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ
සැබැවින් ම ඔවුන් සඟවන දැයද, තව ද ඔවුන් හෙළි කරන දැයද අල්ලාහ් දන්නේය යැයි ඔවුහු නොදන්නෝ ද?
وَمِنْهُمْ أُمِّيُّونَ لَا يَعْلَمُونَ الْكِتَابَ إِلَّا أَمَانِيَّ وَإِنْ هُمْ إِلَّا يَظُنُّونَ
ඔවුන් අතුරින් ලිවීම ට කියවීම ට නොහැකි (දේව ග්‍රන්ථ නොලත්) අය ද වෙති. ඔවුහු මනඃකල්පිතය හැර දේව ග්‍රන්ථ ය පිළිබඳ නොදනිති. තව ද ඔවුන් අනුමාන කරනවා මිස නැත.
فَوَيْلٌ لِلَّذِينَ يَكْتُبُونَ الْكِتَابَ بِأَيْدِيهِمْ ثُمَّ يَقُولُونَ هَٰذَا مِنْ عِنْدِ اللَّهِ لِيَشْتَرُوا بِهِ ثَمَنًا قَلِيلًا ۖ فَوَيْلٌ لَهُمْ مِمَّا كَتَبَتْ أَيْدِيهِمْ وَوَيْلٌ لَهُمْ مِمَّا يَكْسِبُونَ
එබැවින් තම දෑත් වලින් ග්‍රන්ථ ය ලියා පසු ව එය සුළු මිලක ට විකුණනු පිණිස, මෙය අල්ලාහ් වෙතින් යැයි පවසන අය ට විනාශ ය අත් වේවා! එබැවින් ඔවුන් ගේ දෑත් ලියූ දැයින් ඔවුනට විනාශ ය අත් වේවා! තවද ඔවුන් උපයන දැයින් ද ඔවුන ට විනාශ ය අත් වේවා!
وَقَالُوا لَنْ تَمَسَّنَا النَّارُ إِلَّا أَيَّامًا مَعْدُودَةً ۚ قُلْ أَتَّخَذْتُمْ عِنْدَ اللَّهِ عَهْدًا فَلَنْ يُخْلِفَ اللَّهُ عَهْدَهُ ۖ أَمْ تَقُولُونَ عَلَى اللَّهِ مَا لَا تَعْلَمُونَ
තව ද නිරා ගින්න සීමිත දින ගණනක ට මිස අප ව ස්පර්ශ නොකරන්නේම ය යැයි ඔවුහු පැවසූහ. (නබිවරය) පවසනු. (ඒ බව ට) නුඹලා අල්ලාහ් වෙතින් ගිවිසුමක් ගෙන ඇත්තෙහු ද? එසේ නම් අල්ලාහ් ඔහු ගේ ගිවිසුම කිසි විටක කඩ නොකරන්නේම ය. නැතහොත් නුඹලා නොදන්නා දෑ අල්ලාහ් මත ගොතා පවසන්නෙහු ද?

Choose other languages: