Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #82 Translated in Sinhalese

وَمِنْهُمْ أُمِّيُّونَ لَا يَعْلَمُونَ الْكِتَابَ إِلَّا أَمَانِيَّ وَإِنْ هُمْ إِلَّا يَظُنُّونَ
ඔවුන් අතුරින් ලිවීම ට කියවීම ට නොහැකි (දේව ග්‍රන්ථ නොලත්) අය ද වෙති. ඔවුහු මනඃකල්පිතය හැර දේව ග්‍රන්ථ ය පිළිබඳ නොදනිති. තව ද ඔවුන් අනුමාන කරනවා මිස නැත.
فَوَيْلٌ لِلَّذِينَ يَكْتُبُونَ الْكِتَابَ بِأَيْدِيهِمْ ثُمَّ يَقُولُونَ هَٰذَا مِنْ عِنْدِ اللَّهِ لِيَشْتَرُوا بِهِ ثَمَنًا قَلِيلًا ۖ فَوَيْلٌ لَهُمْ مِمَّا كَتَبَتْ أَيْدِيهِمْ وَوَيْلٌ لَهُمْ مِمَّا يَكْسِبُونَ
එබැවින් තම දෑත් වලින් ග්‍රන්ථ ය ලියා පසු ව එය සුළු මිලක ට විකුණනු පිණිස, මෙය අල්ලාහ් වෙතින් යැයි පවසන අය ට විනාශ ය අත් වේවා! එබැවින් ඔවුන් ගේ දෑත් ලියූ දැයින් ඔවුනට විනාශ ය අත් වේවා! තවද ඔවුන් උපයන දැයින් ද ඔවුන ට විනාශ ය අත් වේවා!
وَقَالُوا لَنْ تَمَسَّنَا النَّارُ إِلَّا أَيَّامًا مَعْدُودَةً ۚ قُلْ أَتَّخَذْتُمْ عِنْدَ اللَّهِ عَهْدًا فَلَنْ يُخْلِفَ اللَّهُ عَهْدَهُ ۖ أَمْ تَقُولُونَ عَلَى اللَّهِ مَا لَا تَعْلَمُونَ
තව ද නිරා ගින්න සීමිත දින ගණනක ට මිස අප ව ස්පර්ශ නොකරන්නේම ය යැයි ඔවුහු පැවසූහ. (නබිවරය) පවසනු. (ඒ බව ට) නුඹලා අල්ලාහ් වෙතින් ගිවිසුමක් ගෙන ඇත්තෙහු ද? එසේ නම් අල්ලාහ් ඔහු ගේ ගිවිසුම කිසි විටක කඩ නොකරන්නේම ය. නැතහොත් නුඹලා නොදන්නා දෑ අල්ලාහ් මත ගොතා පවසන්නෙහු ද?
بَلَىٰ مَنْ كَسَبَ سَيِّئَةً وَأَحَاطَتْ بِهِ خَطِيئَتُهُ فَأُولَٰئِكَ أَصْحَابُ النَّارِ ۖ هُمْ فِيهَا خَالِدُونَ
එසේ නොව කවරෙකු පාපයක් උපයා ඔහු ගේ වැරදි ඔහු ව වෙළාගෙන ඇත්තේ ද ඔවුහුම ය නිරා ගින්නේ සගයෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُولَٰئِكَ أَصْحَابُ الْجَنَّةِ ۖ هُمْ فِيهَا خَالِدُونَ
තව ද විශ්වාස කොට යහකම් කළවුන් වන ඔවුහුම ය ස්වර්ග උයනෙ හි සගයෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.

Choose other languages: