Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #85 Translated in Sinhalese

بَلَىٰ مَنْ كَسَبَ سَيِّئَةً وَأَحَاطَتْ بِهِ خَطِيئَتُهُ فَأُولَٰئِكَ أَصْحَابُ النَّارِ ۖ هُمْ فِيهَا خَالِدُونَ
එසේ නොව කවරෙකු පාපයක් උපයා ඔහු ගේ වැරදි ඔහු ව වෙළාගෙන ඇත්තේ ද ඔවුහුම ය නිරා ගින්නේ සගයෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُولَٰئِكَ أَصْحَابُ الْجَنَّةِ ۖ هُمْ فِيهَا خَالِدُونَ
තව ද විශ්වාස කොට යහකම් කළවුන් වන ඔවුහුම ය ස්වර්ග උයනෙ හි සගයෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
وَإِذْ أَخَذْنَا مِيثَاقَ بَنِي إِسْرَائِيلَ لَا تَعْبُدُونَ إِلَّا اللَّهَ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وَذِي الْقُرْبَىٰ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينِ وَقُولُوا لِلنَّاسِ حُسْنًا وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ ثُمَّ تَوَلَّيْتُمْ إِلَّا قَلِيلًا مِنْكُمْ وَأَنْتُمْ مُعْرِضُونَ
තව ද නුඹලා අල්ලාහ් හැර (වෙන කිසිවෙකු ට) නැමදුම් නොකරනු. දෙමව්පියන් සමඟ යහ අයුරින් කටයුතු කරනු. එමෙන් ම ඥාතීන්, අනාථයින් හා දුගියන් සමඟ ද (යහ අයුරින් කටයුතු කරනු) තව ද ජනයා ට යහ වදනින් අමතනු. තව ද සලාතය ස්ථාපිත කරනු. සකාත් (අනිවාර්ය බද්ධ) ද දෙනු යැයි ඉස්රාඊල් දරුවන් ගෙන් අප ප්‍රතිඥාවක් ගත් සැටි සිහිපත් කරනු. පසු ව නුඹලා අතුරින් ස්වල්ප දෙනෙකු හැර නුඹලා නොසලකා හරින්නන් ලෙසින් එය ට පිටු පෑවෙහු ය.
وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ لَا تَسْفِكُونَ دِمَاءَكُمْ وَلَا تُخْرِجُونَ أَنْفُسَكُمْ مِنْ دِيَارِكُمْ ثُمَّ أَقْرَرْتُمْ وَأَنْتُمْ تَشْهَدُونَ
තව ද නුඹලා නුඹලා ගේ රුධිරය නොහළනු. තව ද නුඹලා අතුරින් වූවන් ව නුඹලා ගේ නිවෙස් වලින් බැහැර නොකරනු යැයි නුඹලාගෙන් අප ප්‍රතිඥා ගත් සැටි සිහිපත් කරනු. එවිට නුඹලා (එයට) සාක්ෂි දරමින් ම එය සනාථ කළෙහුය.
ثُمَّ أَنْتُمْ هَٰؤُلَاءِ تَقْتُلُونَ أَنْفُسَكُمْ وَتُخْرِجُونَ فَرِيقًا مِنْكُمْ مِنْ دِيَارِهِمْ تَظَاهَرُونَ عَلَيْهِمْ بِالْإِثْمِ وَالْعُدْوَانِ وَإِنْ يَأْتُوكُمْ أُسَارَىٰ تُفَادُوهُمْ وَهُوَ مُحَرَّمٌ عَلَيْكُمْ إِخْرَاجُهُمْ ۚ أَفَتُؤْمِنُونَ بِبَعْضِ الْكِتَابِ وَتَكْفُرُونَ بِبَعْضٍ ۚ فَمَا جَزَاءُ مَنْ يَفْعَلُ ذَٰلِكَ مِنْكُمْ إِلَّا خِزْيٌ فِي الْحَيَاةِ الدُّنْيَا ۖ وَيَوْمَ الْقِيَامَةِ يُرَدُّونَ إِلَىٰ أَشَدِّ الْعَذَابِ ۗ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ
පසු ව (මෙසේ ප්‍රතිඥා දීමෙන් පසු) නුඹලා නුඹලාව ම ඝාතන ය කරන්නෙහු ය. නුඹලා අතුරින් පිරිසක් ව ඔවුන් ගේ නිවෙස් වලින් නුඹලා බැහැර කරන්නෙහුය. පාපී ලෙස හා සතුරුකමින් ඔවුන ට එරෙහි ව නුඹලා එකිනෙකා උදව් කරගන්නෙහුය. නුඹලා වෙත සිරකරුවන් ලෙස ඔවුන් පැමිණි විට නුඹලා වන්දි ලබා දී ඔවුන් ව මුදවා ගන්නෙහුය. එසේ නුඹලා ඔවුන් ව බැහැර කිරීම පවා තහනම් ව තිබීය. නුඹලා දේව ග්‍රන්ථ යෙන් කොටසක් විශ්වාස කර තවත් කොටසක් ප්‍රතික්ෂේප කරන්නෙහු ද? නුඹලා අතුරින් එසේ කරන්නන් හට මෙලොව ජීවිතයේ අවමාන ය මිස වෙනත් ප්‍රතිඵලයක් නො මැත. තව ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවමේ දැඩි වේදනාව ට ඔවුහු යොමු කරනු ලැබෙති. එමෙන් ම නුඹලා කරමින් සිටින දෑ ගැන අල්ලාහ් නොසලකා හරින්නෙකු නොවේ.

Choose other languages: