Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #228 Translated in Sinhalese

وَلَا تَجْعَلُوا اللَّهَ عُرْضَةً لِأَيْمَانِكُمْ أَنْ تَبَرُّوا وَتَتَّقُوا وَتُصْلِحُوا بَيْنَ النَّاسِ ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ
නුඹලා දැහැමි දෑ කිරීම, (අල්ලාහ්ට) බැතිමත් වීම, ජනයා අතර සාමය ඇති කිරීම (වැනි යහකම් නොකිරීමට) නුඹලාගේ දිවුරුම් තුළින් අල්ලාහ් ව හේතුවක් බවට පත් නොකරනු. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවකය; සර්ව ඥානීය.
لَا يُؤَاخِذُكُمُ اللَّهُ بِاللَّغْوِ فِي أَيْمَانِكُمْ وَلَٰكِنْ يُؤَاخِذُكُمْ بِمَا كَسَبَتْ قُلُوبُكُمْ ۗ وَاللَّهُ غَفُورٌ حَلِيمٌ
පුහු ලෙස නුඹලා දෙන නුඹලාගේ දිවුරුම් වලදී අල්ලාහ් නුඹලා ව (වරදකරුවන් ලෙස) ග්‍රහනය කරන්නේ නැත. නමුත් නුඹලාව ග්‍රහනය කරනුයේ නුඹලාගේ හදවත් ඉපැයූ දෑ අනුවය. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය; ඉවසිලිවන්ත ය.
لِلَّذِينَ يُؤْلُونَ مِنْ نِسَائِهِمْ تَرَبُّصُ أَرْبَعَةِ أَشْهُرٍ ۖ فَإِنْ فَاءُوا فَإِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ
(ලිංගික ඇසුරෙන්) තම බිරියන්ගෙන් තමන් ඉවත් ව සිටින බවට දිවුරා සිටින්නවුනට මාස හතරක අවකාශ පොරොත්තු කාලයක් ඇත. එසේ ඔවුන් (එම කාලය තුළ) නැවත හැරුණේ නම් එවිට නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය; අසමසම කරුණාන්විතය.
وَإِنْ عَزَمُوا الطَّلَاقَ فَإِنَّ اللَّهَ سَمِيعٌ عَلِيمٌ
(එම කාලය තුළ) ඔවුන් දික්කසාද වීම ස්ථීර කර ගත්තේ නම් එවිට නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය. සර්ව ඥානීය.
وَالْمُطَلَّقَاتُ يَتَرَبَّصْنَ بِأَنْفُسِهِنَّ ثَلَاثَةَ قُرُوءٍ ۚ وَلَا يَحِلُّ لَهُنَّ أَنْ يَكْتُمْنَ مَا خَلَقَ اللَّهُ فِي أَرْحَامِهِنَّ إِنْ كُنَّ يُؤْمِنَّ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ۚ وَبُعُولَتُهُنَّ أَحَقُّ بِرَدِّهِنَّ فِي ذَٰلِكَ إِنْ أَرَادُوا إِصْلَاحًا ۚ وَلَهُنَّ مِثْلُ الَّذِي عَلَيْهِنَّ بِالْمَعْرُوفِ ۚ وَلِلرِّجَالِ عَلَيْهِنَّ دَرَجَةٌ ۗ وَاللَّهُ عَزِيزٌ حَكِيمٌ
දික්කසාද කරනු ලැබූ තැනැත්තියන් තමන් විසින් (මාස් ශුද්ධි) වාර තුනක් බලාපොරොත්තුවෙන් සිටිය යුතුය. ඔවුන් අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේ නම් ඔවුන්ගේ ගර්භාෂයන් තුළ අල්ලාහ් මැවූ දෑ සැඟවීම ඔවුන්ට අනුමත නොමැත. එම විෂයෙහි ඔවුන් දෙදෙනා සමාදානය අපේක්ෂා කරන්නේ නම් ඔවුන් ව නැවත (එක්කර) ගැනීමට වඩාත් උචිත වන්නෝ ඔවුන්ගේ ස්වාමි පුරුෂයෝය. ඔවුන් මත (ස්වාමි පුරුෂයා) යහ අයුරින් කටයුතු කරන සේම ඔවුනටත් අයිතීන් ඇත. නමුත් ඔවුනට වඩා පිරිමින්ට නිලයක් ඇත. තවද අල්ලාහ් සර්ව බලධාරී ය. සර්ව ප්‍රඥාවන්ත ය

Choose other languages: