Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #227 Translated in Sinhalese

نِسَاؤُكُمْ حَرْثٌ لَكُمْ فَأْتُوا حَرْثَكُمْ أَنَّىٰ شِئْتُمْ ۖ وَقَدِّمُوا لِأَنْفُسِكُمْ ۚ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّكُمْ مُلَاقُوهُ ۗ وَبَشِّرِ الْمُؤْمِنِينَ
නුඹලාගේ බිරියන් නුඹලා සතු කෙත් බිමකි. එබැවින් නුඹලා කැමති පරිදි නුඹලාගේ කෙත වෙතට යනු. තවද නුඹලා වෙනුවෙන් (දැහැමි දෑ) ඉදිරිපත් කරනු. අල්ලාහ්ට බැතිමත් වනු. සැබැවින්ම නුඹලා ඔහු ව මුණ ගැසෙන්නන් බව දැන ගනු. තවද විශ්වාසවන්තයින් ට නුඹ ශුභාරංචි පවසනු.
وَلَا تَجْعَلُوا اللَّهَ عُرْضَةً لِأَيْمَانِكُمْ أَنْ تَبَرُّوا وَتَتَّقُوا وَتُصْلِحُوا بَيْنَ النَّاسِ ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ
නුඹලා දැහැමි දෑ කිරීම, (අල්ලාහ්ට) බැතිමත් වීම, ජනයා අතර සාමය ඇති කිරීම (වැනි යහකම් නොකිරීමට) නුඹලාගේ දිවුරුම් තුළින් අල්ලාහ් ව හේතුවක් බවට පත් නොකරනු. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවකය; සර්ව ඥානීය.
لَا يُؤَاخِذُكُمُ اللَّهُ بِاللَّغْوِ فِي أَيْمَانِكُمْ وَلَٰكِنْ يُؤَاخِذُكُمْ بِمَا كَسَبَتْ قُلُوبُكُمْ ۗ وَاللَّهُ غَفُورٌ حَلِيمٌ
පුහු ලෙස නුඹලා දෙන නුඹලාගේ දිවුරුම් වලදී අල්ලාහ් නුඹලා ව (වරදකරුවන් ලෙස) ග්‍රහනය කරන්නේ නැත. නමුත් නුඹලාව ග්‍රහනය කරනුයේ නුඹලාගේ හදවත් ඉපැයූ දෑ අනුවය. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය; ඉවසිලිවන්ත ය.
لِلَّذِينَ يُؤْلُونَ مِنْ نِسَائِهِمْ تَرَبُّصُ أَرْبَعَةِ أَشْهُرٍ ۖ فَإِنْ فَاءُوا فَإِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ
(ලිංගික ඇසුරෙන්) තම බිරියන්ගෙන් තමන් ඉවත් ව සිටින බවට දිවුරා සිටින්නවුනට මාස හතරක අවකාශ පොරොත්තු කාලයක් ඇත. එසේ ඔවුන් (එම කාලය තුළ) නැවත හැරුණේ නම් එවිට නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය; අසමසම කරුණාන්විතය.
وَإِنْ عَزَمُوا الطَّلَاقَ فَإِنَّ اللَّهَ سَمِيعٌ عَلِيمٌ
(එම කාලය තුළ) ඔවුන් දික්කසාද වීම ස්ථීර කර ගත්තේ නම් එවිට නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය. සර්ව ඥානීය.

Choose other languages: