Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #231 Translated in Sinhalese

وَإِنْ عَزَمُوا الطَّلَاقَ فَإِنَّ اللَّهَ سَمِيعٌ عَلِيمٌ
(එම කාලය තුළ) ඔවුන් දික්කසාද වීම ස්ථීර කර ගත්තේ නම් එවිට නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය. සර්ව ඥානීය.
وَالْمُطَلَّقَاتُ يَتَرَبَّصْنَ بِأَنْفُسِهِنَّ ثَلَاثَةَ قُرُوءٍ ۚ وَلَا يَحِلُّ لَهُنَّ أَنْ يَكْتُمْنَ مَا خَلَقَ اللَّهُ فِي أَرْحَامِهِنَّ إِنْ كُنَّ يُؤْمِنَّ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ۚ وَبُعُولَتُهُنَّ أَحَقُّ بِرَدِّهِنَّ فِي ذَٰلِكَ إِنْ أَرَادُوا إِصْلَاحًا ۚ وَلَهُنَّ مِثْلُ الَّذِي عَلَيْهِنَّ بِالْمَعْرُوفِ ۚ وَلِلرِّجَالِ عَلَيْهِنَّ دَرَجَةٌ ۗ وَاللَّهُ عَزِيزٌ حَكِيمٌ
දික්කසාද කරනු ලැබූ තැනැත්තියන් තමන් විසින් (මාස් ශුද්ධි) වාර තුනක් බලාපොරොත්තුවෙන් සිටිය යුතුය. ඔවුන් අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේ නම් ඔවුන්ගේ ගර්භාෂයන් තුළ අල්ලාහ් මැවූ දෑ සැඟවීම ඔවුන්ට අනුමත නොමැත. එම විෂයෙහි ඔවුන් දෙදෙනා සමාදානය අපේක්ෂා කරන්නේ නම් ඔවුන් ව නැවත (එක්කර) ගැනීමට වඩාත් උචිත වන්නෝ ඔවුන්ගේ ස්වාමි පුරුෂයෝය. ඔවුන් මත (ස්වාමි පුරුෂයා) යහ අයුරින් කටයුතු කරන සේම ඔවුනටත් අයිතීන් ඇත. නමුත් ඔවුනට වඩා පිරිමින්ට නිලයක් ඇත. තවද අල්ලාහ් සර්ව බලධාරී ය. සර්ව ප්‍රඥාවන්ත ය
الطَّلَاقُ مَرَّتَانِ ۖ فَإِمْسَاكٌ بِمَعْرُوفٍ أَوْ تَسْرِيحٌ بِإِحْسَانٍ ۗ وَلَا يَحِلُّ لَكُمْ أَنْ تَأْخُذُوا مِمَّا آتَيْتُمُوهُنَّ شَيْئًا إِلَّا أَنْ يَخَافَا أَلَّا يُقِيمَا حُدُودَ اللَّهِ ۖ فَإِنْ خِفْتُمْ أَلَّا يُقِيمَا حُدُودَ اللَّهِ فَلَا جُنَاحَ عَلَيْهِمَا فِيمَا افْتَدَتْ بِهِ ۗ تِلْكَ حُدُودُ اللَّهِ فَلَا تَعْتَدُوهَا ۚ وَمَنْ يَتَعَدَّ حُدُودَ اللَّهِ فَأُولَٰئِكَ هُمُ الظَّالِمُونَ
දික්කසාදය දෙමුරයකි. ඉන් පසුව යහපත් අයුරින් රඳවා ගැනීම හෝ කාරුණික අයුරින් මුදවා හැරිය යුතුය. අල්ලාහ්ගේ සීමාවන් ඉටු කළ නොහැකි වේවි යැයි දෙදෙනාම බිය වෙතොත් මිස ඔවුනට පිරිනැමූ කිසිවකින් නුඹලා නැවත ගැනීම නුඹලාට අනුමත නොවේ. එසේ අල්ලාහ්ගේ සීමාවන් ඉටු කළ නොහැකි වේවි යැයි නුඹලා බිය වෙතොත් එවිට ඇය ඔහුට යමක් වන්දි වශයෙන් ලබා දී (වෙන් වීම) නුඹලා කෙරෙහි වරදක් නොවන්නේය. මේවා අල්ලාහ්ගේ සීමාවන් ය. ඒවා ඉක්මවා නොයනු. එවිට ඔවුහුමය අපරාධකරුවෝ වන්නෝ.
فَإِنْ طَلَّقَهَا فَلَا تَحِلُّ لَهُ مِنْ بَعْدُ حَتَّىٰ تَنْكِحَ زَوْجًا غَيْرَهُ ۗ فَإِنْ طَلَّقَهَا فَلَا جُنَاحَ عَلَيْهِمَا أَنْ يَتَرَاجَعَا إِنْ ظَنَّا أَنْ يُقِيمَا حُدُودَ اللَّهِ ۗ وَتِلْكَ حُدُودُ اللَّهِ يُبَيِّنُهَا لِقَوْمٍ يَعْلَمُونَ
එසේ ඔහු ඇය ව දික්කසාද කළේ නම් ඇය වෙනත් සැමියෙකු හා විවාහ වී පසුව ඔහු ඇය ව දික්කසාද කරන තෙක් ඇය ඔහුට (පළමු සැමියාට) අනුමත නොවන්නීය. ඔවුන් දෙදෙනාට අල්ලාහ්ගේ සීමාවන් ඉටු කළ හැකි යැයි දෙදෙනාම සිතන්නේ නම් ඔවුන් දෙදෙනා නැවත එක් වීම ඔවුන් දෙදෙනා කෙරෙහි වරදක් නැත. තවද මෙය අල්ලාහ්ගේ සීමාවන් ය. වටහා ගන්නා ජනයාට ඒවා ඔහු පැහැදිලි කරන්නේය.
وَإِذَا طَلَّقْتُمُ النِّسَاءَ فَبَلَغْنَ أَجَلَهُنَّ فَأَمْسِكُوهُنَّ بِمَعْرُوفٍ أَوْ سَرِّحُوهُنَّ بِمَعْرُوفٍ ۚ وَلَا تُمْسِكُوهُنَّ ضِرَارًا لِتَعْتَدُوا ۚ وَمَنْ يَفْعَلْ ذَٰلِكَ فَقَدْ ظَلَمَ نَفْسَهُ ۚ وَلَا تَتَّخِذُوا آيَاتِ اللَّهِ هُزُوًا ۚ وَاذْكُرُوا نِعْمَتَ اللَّهِ عَلَيْكُمْ وَمَا أَنْزَلَ عَلَيْكُمْ مِنَ الْكِتَابِ وَالْحِكْمَةِ يَعِظُكُمْ بِهِ ۚ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
තවද නුඹලා බිරියන් ව දික්කසාද කොට ඔවුන්ගේ (ඉද්දා හි) අවසන් කාලය ළඟා වූයේ නම් එවිට නුඹලා ඔවුන් යහ අයුරින් රඳවා ගනු. එසේ නොමැති නම් යහ අයුරින් ඔවුන් මුදවා හරිනු. සීමාව ඉක්මවා කටයුතු කිරීම පිණිස පීඩාකාරී ලෙස ඔවුන් රඳවා නොගනු. කවරෙක් එසේ කරන්නේ ද ඔහු තමන්ටම අපරාධ කර ගත්තේය. තවද අල්ලාහ්ගේ වදන් සරදමට නොගනු. නුඹලා කෙරෙහි වූ අල්ලාහ්ගේ ආශිර්වාදය ද දේව ග්‍රන්ථයෙන් හා ප්‍රඥාවෙන් නුඹලා වෙත පහළ කළ දෑ ද මෙනෙහි කරනු. ඔහු එමඟින් නුඹලාට උපදෙස් දෙන්නේය. තවද නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. තවද නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්ව ඥානී බව නුඹලා දැන ගනු.

Choose other languages: