Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #182 Translated in Sinhalese

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الْقِصَاصُ فِي الْقَتْلَى ۖ الْحُرُّ بِالْحُرِّ وَالْعَبْدُ بِالْعَبْدِ وَالْأُنْثَىٰ بِالْأُنْثَىٰ ۚ فَمَنْ عُفِيَ لَهُ مِنْ أَخِيهِ شَيْءٌ فَاتِّبَاعٌ بِالْمَعْرُوفِ وَأَدَاءٌ إِلَيْهِ بِإِحْسَانٍ ۗ ذَٰلِكَ تَخْفِيفٌ مِنْ رَبِّكُمْ وَرَحْمَةٌ ۗ فَمَنِ اعْتَدَىٰ بَعْدَ ذَٰلِكَ فَلَهُ عَذَابٌ أَلِيمٌ
අහෝ විශ්වාස කළවුනි ! ඝාතනය කරනු ලැබූවන් සම්බන්ධයෙන් සමප්‍රතිචාර දැක්වීම ඔබලාට නියම කරනු ලැබ ඇත. ස්වාධීනයෙකු ස්වාධීනයෙක් වෙනුවෙන් ද වහලෙකු වහලෙක් වෙනුවෙන් ද ස්ත්‍රියක් ස්ත්‍රියක වෙනුවෙන් ද (සමප්‍රතිචාරය) විය යුතුය. එහෙයින් ඔහුට (ඝාතකයාට) ඔහුගේ සහෝදරයාගෙන් (ඝාතනයට ලක් වූ තැනැත්තාගේ ලේ උරුමක්කාරයාගෙන්) සුලු වශයෙන් හෝ ක්ෂමාවක් ලැබුණොත් යහපත් ලෙස කටයුතු කළ යුතුය. (ඝාතකයා වන්දි මුදල) නිසි ලෙස ඔවුන් වෙත භාරදිය යුතුය. එය නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සහනයක් හා දයාවකි. නමුත් කවරෙකු ඉන් පසුව සීමාව ඉක්මවා යන්නේ ද එවිට ඔහුට වේදනීය දඬුවම ඇත.
وَلَكُمْ فِي الْقِصَاصِ حَيَاةٌ يَا أُولِي الْأَلْبَابِ لَعَلَّكُمْ تَتَّقُونَ
(ඝාතනය සඳහා) සමප්‍රතිචාර දැක්වීමෙහි නුඹලාට (ආරක්‍ෂා සහිත) ජීවිතයක් ඇත. අහෝ බුද්ධිමතුනි ! (එමගින්) නුඹලා බියබැතිමතුන් විය හැකිය.
كُتِبَ عَلَيْكُمْ إِذَا حَضَرَ أَحَدَكُمُ الْمَوْتُ إِنْ تَرَكَ خَيْرًا الْوَصِيَّةُ لِلْوَالِدَيْنِ وَالْأَقْرَبِينَ بِالْمَعْرُوفِ ۖ حَقًّا عَلَى الْمُتَّقِينَ
නුඹලාගෙන් කෙනෙකුට මරණය සමීප වූ විට ඔහු දේපළ හැර දමා යන්නේ නම් දෙමව් පියන්ට ද සමීප ඥාතීන්ට ද යහපත් අයුරින් අන්තිම කැමැත්ත ප්‍රකාශ කිරීම නියම කරන ලදී. මෙය බැතිමතුන් හට වූ යුතුකමකි.
فَمَنْ بَدَّلَهُ بَعْدَمَا سَمِعَهُ فَإِنَّمَا إِثْمُهُ عَلَى الَّذِينَ يُبَدِّلُونَهُ ۚ إِنَّ اللَّهَ سَمِيعٌ عَلِيمٌ
එහෙයින් එයට සවන් දුන් පසුව කවරෙකු එය වෙනස් කරන්නේ ද එහි පාපය වනුයේ එය වෙනස් කරන්නන්හටය. සැබැවින්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය; සර්වඥානීය.
فَمَنْ خَافَ مِنْ مُوصٍ جَنَفًا أَوْ إِثْمًا فَأَصْلَحَ بَيْنَهُمْ فَلَا إِثْمَ عَلَيْهِ ۚ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ
එහෙයින් එයට සවන් දුන් පසුව කවරෙකු එය වෙනස් කරන්නේ ද එහි පාපය වනුයේ එය වෙනස් කරන්නන්හටය. සැබැවින්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය; සර්වඥානීය.

Choose other languages: