Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #184 Translated in Sinhalese

كُتِبَ عَلَيْكُمْ إِذَا حَضَرَ أَحَدَكُمُ الْمَوْتُ إِنْ تَرَكَ خَيْرًا الْوَصِيَّةُ لِلْوَالِدَيْنِ وَالْأَقْرَبِينَ بِالْمَعْرُوفِ ۖ حَقًّا عَلَى الْمُتَّقِينَ
නුඹලාගෙන් කෙනෙකුට මරණය සමීප වූ විට ඔහු දේපළ හැර දමා යන්නේ නම් දෙමව් පියන්ට ද සමීප ඥාතීන්ට ද යහපත් අයුරින් අන්තිම කැමැත්ත ප්‍රකාශ කිරීම නියම කරන ලදී. මෙය බැතිමතුන් හට වූ යුතුකමකි.
فَمَنْ بَدَّلَهُ بَعْدَمَا سَمِعَهُ فَإِنَّمَا إِثْمُهُ عَلَى الَّذِينَ يُبَدِّلُونَهُ ۚ إِنَّ اللَّهَ سَمِيعٌ عَلِيمٌ
එහෙයින් එයට සවන් දුන් පසුව කවරෙකු එය වෙනස් කරන්නේ ද එහි පාපය වනුයේ එය වෙනස් කරන්නන්හටය. සැබැවින්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය; සර්වඥානීය.
فَمَنْ خَافَ مِنْ مُوصٍ جَنَفًا أَوْ إِثْمًا فَأَصْلَحَ بَيْنَهُمْ فَلَا إِثْمَ عَلَيْهِ ۚ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ
එහෙයින් එයට සවන් දුන් පසුව කවරෙකු එය වෙනස් කරන්නේ ද එහි පාපය වනුයේ එය වෙනස් කරන්නන්හටය. සැබැවින්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය; සර්වඥානීය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِنْ قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ
අහෝ විශ්වාස කළවුනි! නුඹලා බැතිමත් විය හැකි වනු පිණිස නුඹලාට පෙර වූවන් කෙරෙහි නියම කරනු ලැබුවාක් මෙන් නුඹලා කෙරෙහි ද උපවාසය නියම කරනු ලැබීය.
أَيَّامًا مَعْدُودَاتٍ ۚ فَمَنْ كَانَ مِنْكُمْ مَرِيضًا أَوْ عَلَىٰ سَفَرٍ فَعِدَّةٌ مِنْ أَيَّامٍ أُخَرَ ۚ وَعَلَى الَّذِينَ يُطِيقُونَهُ فِدْيَةٌ طَعَامُ مِسْكِينٍ ۖ فَمَنْ تَطَوَّعَ خَيْرًا فَهُوَ خَيْرٌ لَهُ ۚ وَأَنْ تَصُومُوا خَيْرٌ لَكُمْ ۖ إِنْ كُنْتُمْ تَعْلَمُونَ
(එය) ගණන් කරනු ලැබූ දින ගණනකි. එහෙයින් නුඹලා අතුරින් කවරෙකු රෝගියෙකු ව හෝ ගමනක නිරත ව සිටියේ නම් හෝ එවිට ඔහු වෙනත් දින ගණන් ගණනය කර(උපවාසයේ නියැළෙ)ත්වා ! එයට හැකියාව ඇති උදවියට (උපවාසය මග හැරීමේ) වන්දිය වනුයේ දුගියෙකුට ආහාර සැපයීමය. තවද කවරෙකු යම් යහපතක් අමතර ව ඉටු කළේ ද එය ඔහුට උතුම් වෙයි. නමුත් නුඹලා දැන සිටියෙහු නම් උපවාසයේ නිරත වීම නුඹලාට ශ්‍රේෂ්ඨය.

Choose other languages: