Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #169 Translated in Sinhalese

وَمِنَ النَّاسِ مَنْ يَتَّخِذُ مِنْ دُونِ اللَّهِ أَنْدَادًا يُحِبُّونَهُمْ كَحُبِّ اللَّهِ ۖ وَالَّذِينَ آمَنُوا أَشَدُّ حُبًّا لِلَّهِ ۗ وَلَوْ يَرَى الَّذِينَ ظَلَمُوا إِذْ يَرَوْنَ الْعَذَابَ أَنَّ الْقُوَّةَ لِلَّهِ جَمِيعًا وَأَنَّ اللَّهَ شَدِيدُ الْعَذَابِ
අල්ලාහ් හැර දමා හවුල්කරුවන් පත් කර ගන්නා අය ජනයා අතුරින් වෙති. අල්ලාහ්ට ප්‍රිය කරන්නාක් මෙන්ම ඔවුහු ඔවුනට ප්‍රිය කරති. නමුත් විශ්වාස කළවුන් අල්ලාහ්ට (පමණක්) දැඩි ලෙස ප්‍රිය කරන්නන් වෙති. අපරාධ කළවුන් දඬුවම දකින විට සියලු බලය අල්ලාහ්ට ය. තවද සැබැවින්ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩිය යන බව වටහා ගනු ඇත.
إِذْ تَبَرَّأَ الَّذِينَ اتُّبِعُوا مِنَ الَّذِينَ اتَّبَعُوا وَرَأَوُا الْعَذَابَ وَتَقَطَّعَتْ بِهِمُ الْأَسْبَابُ
අනුගමනය කරනු ලැබූවන් අනුගමනය කළවුන්ගෙන් වෙන් වී ඔවුහු වේදනීය දඬුවම දැක තවද ඔවුන් අතර තිබූ සියලු සබඳතා විසන්ධි වී යන මොහොතක (වටහා ගනු ඇත.)
وَقَالَ الَّذِينَ اتَّبَعُوا لَوْ أَنَّ لَنَا كَرَّةً فَنَتَبَرَّأَ مِنْهُمْ كَمَا تَبَرَّءُوا مِنَّا ۗ كَذَٰلِكَ يُرِيهِمُ اللَّهُ أَعْمَالَهُمْ حَسَرَاتٍ عَلَيْهِمْ ۖ وَمَا هُمْ بِخَارِجِينَ مِنَ النَّارِ
සැබැවින්ම අපටත් වාරයක් ඇත්නම් ඔවුන් අපගෙන් වෙන් වී ගියාක් මෙන් අප ද ඔවුන්ගෙන් වෙන් වන්නෙමු යැයි අනුගමනය කළවුන් පවසති. එලෙසය අල්ලාහ් ඔවුන්ගේ ක්‍රියාවන් ඔවුනට දුකතියක් ලෙස පෙන්වනුයේ. තවද ඔවුහු නිරා ගින්නෙන් බැහැර වන්නන් නොවෙති.
يَا أَيُّهَا النَّاسُ كُلُوا مِمَّا فِي الْأَرْضِ حَلَالًا طَيِّبًا وَلَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ ۚ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبِينٌ
අහෝ ජනයිනි! මහපොළොවේ ඇති දැයින් අනුමත පිවිතුරු දෑ අනුභව කරනු. තවද ෂෙයිතාන්ගේ පියවරවල් අනුගමනය නොකරනු. සැබැවින්ම ඔහු නුඹලාට ප්‍රකට සතුරෙකි.
إِنَّمَا يَأْمُرُكُمْ بِالسُّوءِ وَالْفَحْشَاءِ وَأَنْ تَقُولُوا عَلَى اللَّهِ مَا لَا تَعْلَمُونَ
ඔහු නුඹලාට අණ කරනුයේ නපුර හා අශීලාචාරකම ද, නුඹලා නොදන්නා දෑ අල්ලාහ් මත ගොතා පැවසීම ද වේ.

Choose other languages: