Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #172 Translated in Sinhalese

يَا أَيُّهَا النَّاسُ كُلُوا مِمَّا فِي الْأَرْضِ حَلَالًا طَيِّبًا وَلَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ ۚ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبِينٌ
අහෝ ජනයිනි! මහපොළොවේ ඇති දැයින් අනුමත පිවිතුරු දෑ අනුභව කරනු. තවද ෂෙයිතාන්ගේ පියවරවල් අනුගමනය නොකරනු. සැබැවින්ම ඔහු නුඹලාට ප්‍රකට සතුරෙකි.
إِنَّمَا يَأْمُرُكُمْ بِالسُّوءِ وَالْفَحْشَاءِ وَأَنْ تَقُولُوا عَلَى اللَّهِ مَا لَا تَعْلَمُونَ
ඔහු නුඹලාට අණ කරනුයේ නපුර හා අශීලාචාරකම ද, නුඹලා නොදන්නා දෑ අල්ලාහ් මත ගොතා පැවසීම ද වේ.
وَإِذَا قِيلَ لَهُمُ اتَّبِعُوا مَا أَنْزَلَ اللَّهُ قَالُوا بَلْ نَتَّبِعُ مَا أَلْفَيْنَا عَلَيْهِ آبَاءَنَا ۗ أَوَلَوْ كَانَ آبَاؤُهُمْ لَا يَعْقِلُونَ شَيْئًا وَلَا يَهْتَدُونَ
තවද අල්ලාහ් පහළ කළ දෑ නුඹලා අනුගමනය කරනු යැයි ඔවුනට පවසනු ලැබූ විට, නැත! අපගේ මුතුන් මිත්තන් කවර දෙයක් මත සිටියෝ ද එය අපි අනුගමනය කරන්නෙමු යැයි ඔවුහු පවසති. ඔවුන්ගේ මුතුන් මිත්තන් කිසිවක් වටහා නොගෙන යහමඟ නොලැබූ තත්වයක වූවත් එසේම ද?
وَمَثَلُ الَّذِينَ كَفَرُوا كَمَثَلِ الَّذِي يَنْعِقُ بِمَا لَا يَسْمَعُ إِلَّا دُعَاءً وَنِدَاءً ۚ صُمٌّ بُكْمٌ عُمْيٌ فَهُمْ لَا يَعْقِلُونَ
ප්‍රතික්ෂේප කළවුනට උපමාව (සතුන් දක්කන විට) ඇමතුම හා කැඳවුම මිස වෙනත් කිසිවක් උන්ට නොඇසෙන (අර්ථයක් නොමැති) දෙයකින් කෑ ගසන කෙනෙකු මෙනි. ඔවුන් ගොළුය. බිහිරිය. අන්ධය. එබැවින් ඔවුහු (යථාර්ථය) වටහා නොගනිති.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُلُوا مِنْ طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ وَاشْكُرُوا لِلَّهِ إِنْ كُنْتُمْ إِيَّاهُ تَعْبُدُونَ
අහෝ විශ්වාස කළවුනි! අපි නුඹලාට පෝෂණය කළ දැයින් පිවිතුරු දෑ අනුභව කරනු. තවද නුඹලා අල්ලාහ්ට පමණක් නමදිමින් සිටියෙහු නම් ඔහුට කෘතඥ වනු.

Choose other languages: