Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #163 Translated in Sinhalese

إِنَّ الَّذِينَ يَكْتُمُونَ مَا أَنْزَلْنَا مِنَ الْبَيِّنَاتِ وَالْهُدَىٰ مِنْ بَعْدِ مَا بَيَّنَّاهُ لِلنَّاسِ فِي الْكِتَابِ ۙ أُولَٰئِكَ يَلْعَنُهُمُ اللَّهُ وَيَلْعَنُهُمُ اللَّاعِنُونَ
පැහැදිලි සාධක හා යහමඟ තුළින් අප පහළ කළ දෑ ජනයාට දේව ග්‍රන්ථයෙහි අප පැහැදිලි කළ පසුව පවා එය වසන් කරන්නන් වනාහි අල්ලාහ් ශාප කරනුයේ ඔවුනට ය. තවද ශාප කරන්නන් ද ඔවුනට ශාප කරනු ඇත.
إِلَّا الَّذِينَ تَابُوا وَأَصْلَحُوا وَبَيَّنُوا فَأُولَٰئِكَ أَتُوبُ عَلَيْهِمْ ۚ وَأَنَا التَّوَّابُ الرَّحِيمُ
නමුත් පශ්චාත්තාප වී, (වරදින් මිදී, ජීවිතය) හැඩ ගස්වා (ධර්මයෙහි ඇති දෙය) පැහැදිලි කළ අය හැරය. මා සමාව දෙන අය ඔවුහුම ය. තවද මම අති ක්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය.
إِنَّ الَّذِينَ كَفَرُوا وَمَاتُوا وَهُمْ كُفَّارٌ أُولَٰئِكَ عَلَيْهِمْ لَعْنَةُ اللَّهِ وَالْمَلَائِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ
නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කොට දේව ප්‍රතික්ෂේපකයින් ලෙස සිටිය දී මියගියවුන් වනාහි ඔවුහු ම ය අල්ලාහ්ගේ ද, දේව දූතයින්ගේ ද, මිනිසුන් සියල්ල ගේ ද, ශාපය ඔවුන් මත වූවෝ.
خَالِدِينَ فِيهَا ۖ لَا يُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلَا هُمْ يُنْظَرُونَ
නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කොට දේව ප්‍රතික්ෂේපකයින් ලෙස සිටිය දී මියගියවුන් වනාහි ඔවුහු ම ය අල්ලාහ්ගේ ද, දේව දූතයින්ගේ ද, මිනිසුන් සියල්ල ගේ ද, ශාපය ඔවුන් මත වූවෝ.
وَإِلَٰهُكُمْ إِلَٰهٌ وَاحِدٌ ۖ لَا إِلَٰهَ إِلَّا هُوَ الرَّحْمَٰنُ الرَّحِيمُ
නුඹලාගේ දෙවියා එකම දෙවියාය. අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත ඔහු හැර වෙනත් දෙවියෙකු නැත.

Choose other languages: