Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #164 Translated in Sinhalese

إِلَّا الَّذِينَ تَابُوا وَأَصْلَحُوا وَبَيَّنُوا فَأُولَٰئِكَ أَتُوبُ عَلَيْهِمْ ۚ وَأَنَا التَّوَّابُ الرَّحِيمُ
නමුත් පශ්චාත්තාප වී, (වරදින් මිදී, ජීවිතය) හැඩ ගස්වා (ධර්මයෙහි ඇති දෙය) පැහැදිලි කළ අය හැරය. මා සමාව දෙන අය ඔවුහුම ය. තවද මම අති ක්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය.
إِنَّ الَّذِينَ كَفَرُوا وَمَاتُوا وَهُمْ كُفَّارٌ أُولَٰئِكَ عَلَيْهِمْ لَعْنَةُ اللَّهِ وَالْمَلَائِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ
නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කොට දේව ප්‍රතික්ෂේපකයින් ලෙස සිටිය දී මියගියවුන් වනාහි ඔවුහු ම ය අල්ලාහ්ගේ ද, දේව දූතයින්ගේ ද, මිනිසුන් සියල්ල ගේ ද, ශාපය ඔවුන් මත වූවෝ.
خَالِدِينَ فِيهَا ۖ لَا يُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلَا هُمْ يُنْظَرُونَ
නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කොට දේව ප්‍රතික්ෂේපකයින් ලෙස සිටිය දී මියගියවුන් වනාහි ඔවුහු ම ය අල්ලාහ්ගේ ද, දේව දූතයින්ගේ ද, මිනිසුන් සියල්ල ගේ ද, ශාපය ඔවුන් මත වූවෝ.
وَإِلَٰهُكُمْ إِلَٰهٌ وَاحِدٌ ۖ لَا إِلَٰهَ إِلَّا هُوَ الرَّحْمَٰنُ الرَّحِيمُ
නුඹලාගේ දෙවියා එකම දෙවියාය. අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත ඔහු හැර වෙනත් දෙවියෙකු නැත.
إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاخْتِلَافِ اللَّيْلِ وَالنَّهَارِ وَالْفُلْكِ الَّتِي تَجْرِي فِي الْبَحْرِ بِمَا يَنْفَعُ النَّاسَ وَمَا أَنْزَلَ اللَّهُ مِنَ السَّمَاءِ مِنْ مَاءٍ فَأَحْيَا بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا وَبَثَّ فِيهَا مِنْ كُلِّ دَابَّةٍ وَتَصْرِيفِ الرِّيَاحِ وَالسَّحَابِ الْمُسَخَّرِ بَيْنَ السَّمَاءِ وَالْأَرْضِ لَآيَاتٍ لِقَوْمٍ يَعْقِلُونَ
නියත වශයෙන්ම (අල්ලාහ් විසින්) අහස් හා මහපොළොව මැවීමෙහි ද රාත්‍රිය හා දහවල මාරුවෙහි ද ජනයාට ප්‍රයෝජනවත් දෑ රැගෙන මුහුදෙහි ගමන් කරන නැව්හි ද අහසින් ජලය පහළ කර මහපොළොව මිය ගිය පසුව එය එමගින් ජීවමාන කොට එහි සෑම සත්වයෙකුම ව්‍යාප්ත කිරීමෙහි ද, සුළං හැමීමෙහි ද, අහස හා මහපොළොව අතර වසඟ කරනු ලැබූ වලාවන්හි ද අවබෝධ කරන ජනයාට සාධක ඇත.

Choose other languages: