Surah Al-Baqara Ayahs #117 Translated in Sinhalese
وَقَالَتِ الْيَهُودُ لَيْسَتِ النَّصَارَىٰ عَلَىٰ شَيْءٍ وَقَالَتِ النَّصَارَىٰ لَيْسَتِ الْيَهُودُ عَلَىٰ شَيْءٍ وَهُمْ يَتْلُونَ الْكِتَابَ ۗ كَذَٰلِكَ قَالَ الَّذِينَ لَا يَعْلَمُونَ مِثْلَ قَوْلِهِمْ ۚ فَاللَّهُ يَحْكُمُ بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ
කිතුනුවන් කිසිදු පදනමක් මත නොමැති බව යුදෙව්වෝ පවසති. යුදෙව්වන් කිසිදු පදනමක් මත නොමැති බව කිතුනුවෝ ද පවසති. ඔවුන් දේව ග්‍රන්ථ ය කියවමින් සිටිය දී. ඔවුන් ගේ ප්‍රකාශ මෙන් ම අවබෝධයක් නොමැත්තෝ ද මෙලෙස පවසති. එබැවින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයෙ හි ඔවුන් කවර දෙයක් පිළිබඳ මත භේද ඇති කර ගනිමින් සිටියේ ද එම විෂයය සම්බන්ධයෙන් ඔවුන් අතර අල්ලාහ් තීන්දු කරනු ඇත.
وَمَنْ أَظْلَمُ مِمَّنْ مَنَعَ مَسَاجِدَ اللَّهِ أَنْ يُذْكَرَ فِيهَا اسْمُهُ وَسَعَىٰ فِي خَرَابِهَا ۚ أُولَٰئِكَ مَا كَانَ لَهُمْ أَنْ يَدْخُلُوهَا إِلَّا خَائِفِينَ ۚ لَهُمْ فِي الدُّنْيَا خِزْيٌ وَلَهُمْ فِي الْآخِرَةِ عَذَابٌ عَظِيمٌ
අල්ලාහ් ගේ මස්ජිදයන් හි ඔහු ගේ නාමය මෙනෙහි කරනු ලැබීමෙන් වළක්වාලන, තව ද එය විනාශ කිරීම ට වෑයම් කරන අය ට වඩා මහා අපරාධකරු කවරෙක් ද? ඔවුන් බිය ට පත් වූවන් ලෙසම මිස එහි පිවිසීම ට ඔවුන ට සුදුසු නොවීය. ඔවුන ට මෙලොවෙ හි අවමානය ඇත. තව ද පරලොවෙ හි ඔවුන ට අතිමහත් දඬුවමක් ඇත.
وَلِلَّهِ الْمَشْرِقُ وَالْمَغْرِبُ ۚ فَأَيْنَمَا تُوَلُّوا فَثَمَّ وَجْهُ اللَّهِ ۚ إِنَّ اللَّهَ وَاسِعٌ عَلِيمٌ
තව ද නැගෙනහිර හා බටහිර අල්ලාහ් සතු ය. එබැවින් නුඹලා කවර දෙසක ට හැරුණ ද එහි අල්ලාහ් ගේ මුහුණ වේ. සැබැවින් ම අල්ලාහ් සර්ව ව්‍යාපක ය. සර්ව ඥානී ය.
وَقَالُوا اتَّخَذَ اللَّهُ وَلَدًا ۗ سُبْحَانَهُ ۖ بَلْ لَهُ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ كُلٌّ لَهُ قَانِتُونَ
තව ද අල්ලාහ් පුතෙකු ගත්තේ යැයි ඔවුහු පැවසූහ. (ඔවුන් පවසන දැයින්) ඔහු සුවිශුද්ධ ය. එසේ නොව අහස් හි හා මහපොළොවෙ හි ඇති දෑ ඔහු සතු ය. සියල්ල ඔහු ට අවනත වන්නෝය.
بَدِيعُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ وَإِذَا قَضَىٰ أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُ كُنْ فَيَكُونُ
(අල්ලාහ්) අහස් හි හා මහපොළොවේ උත්පාදකයා ය. ඔහු යම් කරුණක් තීන්දු කළ විට එය ට වනු යැයි පවසනවා පමණ ය, එවිට එය සිදු වන්නේ ය.
Choose other languages:

Albanian

Amharic

Azerbaijani

Bengali

Bosnian

Bulgarian

Burmese

Chinese

Danish

Dutch

English

Farsi

Filipino

French

Fulah

German

Gujarati

Hausa

Hindi

Indonesian

Italian

Japanese

Jawa

Kazakh

Khmer

Korean

Kurdish

Kyrgyz

Malay

Malayalam

Norwegian

Pashto

Persian

Polish

Portuguese

Punjabi

Russian

Sindhi

Sinhalese

Somali

Spanish

Swahili

Swedish

Tajik

Tamil

Tatar

Telugu

Thai

Turkish

Urdu

Uyghur

Uzbek

Vietnamese

Yoruba
