Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #84 Translated in Sinhalese

وَلُوطًا إِذْ قَالَ لِقَوْمِهِ أَتَأْتُونَ الْفَاحِشَةَ مَا سَبَقَكُمْ بِهَا مِنْ أَحَدٍ مِنَ الْعَالَمِينَ
තවද ලූත් ව ද (එව්වෙමු.) එවිට ලෝ වැසියන් අතරින් නුඹලාට පෙර කිසිවකු හෝ සිදු නොකළ අශීලාචාර දෑ නුඹලා සිදු කරන්නෙහු දැ? යි තම සමූහයා වෙත ඔහු පැවසීය.
إِنَّكُمْ لَتَأْتُونَ الرِّجَالَ شَهْوَةً مِنْ دُونِ النِّسَاءِ ۚ بَلْ أَنْتُمْ قَوْمٌ مُسْرِفُونَ
නියත වශයෙන්ම නුඹලා කාන්තාවන් හැර දමා කාමුක ලෙසින් පිරිමින් වෙත පැමිණෙන්නෙහුය. එසේම නුඹලා සීමාව ඉක්මවූවන් වෙති.
وَمَا كَانَ جَوَابَ قَوْمِهِ إِلَّا أَنْ قَالُوا أَخْرِجُوهُمْ مِنْ قَرْيَتِكُمْ ۖ إِنَّهُمْ أُنَاسٌ يَتَطَهَّرُونَ
නුඹලා නුඹලාගේ ගමෙන් මොවුන් ව පිටුවහල් කරනු. නියත වශයෙන්ම මොවුන් පිරිසිදු ව සිටින මිනිසුන් පිරිසකි යැයි ඔවුන් පැවසීම මිස ඔහුගේ සමූහයාගේ පිළිතුර නොවීය.
فَأَنْجَيْنَاهُ وَأَهْلَهُ إِلَّا امْرَأَتَهُ كَانَتْ مِنَ الْغَابِرِينَ
එවිට අපි ඔහුගේ බිරිය හැර ඔහු හා ඔහුගේ පවුලේ (සෙසු) සාමාජිකයින් මුදවා ගතිමු. ඇය විනාශ වූවන් අතරින් වූවාය.
وَأَمْطَرْنَا عَلَيْهِمْ مَطَرًا ۖ فَانْظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُجْرِمِينَ
තවද අපි ඔවුන් මත වර්ෂාවක් වැස්සවීමු. එබැවින් වැරදිකරුවන්ගේ අවසානය කෙසේ වී දැයි නුඹ අවධානයෙන් බලනු.

Choose other languages: