Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #85 Translated in Sinhalese

إِنَّكُمْ لَتَأْتُونَ الرِّجَالَ شَهْوَةً مِنْ دُونِ النِّسَاءِ ۚ بَلْ أَنْتُمْ قَوْمٌ مُسْرِفُونَ
නියත වශයෙන්ම නුඹලා කාන්තාවන් හැර දමා කාමුක ලෙසින් පිරිමින් වෙත පැමිණෙන්නෙහුය. එසේම නුඹලා සීමාව ඉක්මවූවන් වෙති.
وَمَا كَانَ جَوَابَ قَوْمِهِ إِلَّا أَنْ قَالُوا أَخْرِجُوهُمْ مِنْ قَرْيَتِكُمْ ۖ إِنَّهُمْ أُنَاسٌ يَتَطَهَّرُونَ
නුඹලා නුඹලාගේ ගමෙන් මොවුන් ව පිටුවහල් කරනු. නියත වශයෙන්ම මොවුන් පිරිසිදු ව සිටින මිනිසුන් පිරිසකි යැයි ඔවුන් පැවසීම මිස ඔහුගේ සමූහයාගේ පිළිතුර නොවීය.
فَأَنْجَيْنَاهُ وَأَهْلَهُ إِلَّا امْرَأَتَهُ كَانَتْ مِنَ الْغَابِرِينَ
එවිට අපි ඔහුගේ බිරිය හැර ඔහු හා ඔහුගේ පවුලේ (සෙසු) සාමාජිකයින් මුදවා ගතිමු. ඇය විනාශ වූවන් අතරින් වූවාය.
وَأَمْطَرْنَا عَلَيْهِمْ مَطَرًا ۖ فَانْظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُجْرِمِينَ
තවද අපි ඔවුන් මත වර්ෂාවක් වැස්සවීමු. එබැවින් වැරදිකරුවන්ගේ අවසානය කෙසේ වී දැයි නුඹ අවධානයෙන් බලනු.
وَإِلَىٰ مَدْيَنَ أَخَاهُمْ شُعَيْبًا ۗ قَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرُهُ ۖ قَدْ جَاءَتْكُمْ بَيِّنَةٌ مِنْ رَبِّكُمْ ۖ فَأَوْفُوا الْكَيْلَ وَالْمِيزَانَ وَلَا تَبْخَسُوا النَّاسَ أَشْيَاءَهُمْ وَلَا تُفْسِدُوا فِي الْأَرْضِ بَعْدَ إِصْلَاحِهَا ۚ ذَٰلِكُمْ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ
තවද මද්යන්(වාසීන්) වෙත ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ් ව ද (එව්වෙමු.) මාගේ සමූහයනි! නුඹලා අල්ලාහ්ව නමදිනු. නුඹලාට ඔහු හැර වෙනත් කිසිදු දෙවියෙකු නොමැත. නුඹලාගේ පරමාධිපතිගෙන් පැහැදිලි සාධකයක් නුඹලා වෙත පැමිණ ඇත. එබැවින් නුඹලා කිරුම් මිනුම් පූර්ණවත් කරනු. ජනයාට ඔවුන්ගේ භාණ්ඩ වල අඩු පාඩු ඇති නොකරනු. තවද මහපොළොව හැඩගැස් වූ පසු ව එහි කලහකම් නොකරනු. නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම්, එය නුඹලාට ශ්‍රේෂ්ඨ වන්නේ යැයි ඔහු පැවසීය.

Choose other languages: