Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #78 Translated in Sinhalese

وَاذْكُرُوا إِذْ جَعَلَكُمْ خُلَفَاءَ مِنْ بَعْدِ عَادٍ وَبَوَّأَكُمْ فِي الْأَرْضِ تَتَّخِذُونَ مِنْ سُهُولِهَا قُصُورًا وَتَنْحِتُونَ الْجِبَالَ بُيُوتًا ۖ فَاذْكُرُوا آلَاءَ اللَّهِ وَلَا تَعْثَوْا فِي الْأَرْضِ مُفْسِدِينَ
. ආද් (සමූහයා)ට පසු ඔහු නුඹලා ව නියෝජිතයින් බවට පත් කොට මහපොළොවේ වාසය කිරීමට සැලැස් වූ අවස්ථාව නුඹලා මෙනෙහි කර බලනු. නුඹලා එහි පහසුකම් ඇති තැන් වල මාලිගාවන් තනා ගන්නෙහුය. තවද කඳු හාරා නිවාස තනා ගන්නෙහුය. එබැවින් අල්ලාහ්ගේ ආශිර්වාද නුඹලා මෙනෙහි කරනු. තවද මහපොළොවේ කලහකම් කරන්නන් ලෙසින් පාපකාරී අයුරින් කටයුතු නොකරනු.
قَالَ الْمَلَأُ الَّذِينَ اسْتَكْبَرُوا مِنْ قَوْمِهِ لِلَّذِينَ اسْتُضْعِفُوا لِمَنْ آمَنَ مِنْهُمْ أَتَعْلَمُونَ أَنَّ صَالِحًا مُرْسَلٌ مِنْ رَبِّهِ ۚ قَالُوا إِنَّا بِمَا أُرْسِلَ بِهِ مُؤْمِنُونَ
ඇත්ත වශයෙන්ම සාලිහ් ඔහුගේ පරමාධිපතිගෙන් එවනු ලැබූවෙක් බව නුඹලා ස්ථීර ලෙස දන්නෙහුදැයි ඔහුගේ සමූහයා අතරින් උඩඟු වූ ප්‍රධානීහු ඔවුන් අතරින් දුර්වලයින් ලෙස සලකනු ලැබූ විශ්වාස කළවුන්ගෙන් විමසා සිටියහ. (එවිට) ඔවූහු " ඔහු කවර කරුණක් සමඟ යවනු ලැබුවේ ද ඒ ගැන අපි විශ්වාස කරන්නන් වන්නෙමු" යැයි ඔවුන් පවසා සිටියහ.
قَالَ الَّذِينَ اسْتَكْبَرُوا إِنَّا بِالَّذِي آمَنْتُمْ بِهِ كَافِرُونَ
‘නියත වශයෙන්ම නුඹලා කවර දෙයක් පිළිබඳ ව විශ්වාස කළෙහු ද ඒ පිළිබඳ ව අපි ප්‍රතික්ෂේප කරන්නන් වෙමු’ යැයි උඩඟුකම් පෑවෝ පැවසුවෝය.
فَعَقَرُوا النَّاقَةَ وَعَتَوْا عَنْ أَمْرِ رَبِّهِمْ وَقَالُوا يَا صَالِحُ ائْتِنَا بِمَا تَعِدُنَا إِنْ كُنْتَ مِنَ الْمُرْسَلِينَ
පසුව ඔවුහු එම ඔටු දෙන කපා දෑමූහ. තවද ඔවුන්ගේ පරමාධිපතිගේ නියෝගය අබිබවා කටයුතු කළෝය. තවද අහෝ සාලිහ්! නුඹ රසූල්වරුන් අතරින් වී නම් නුඹ අපට ප්‍රතිඥා දෙන දෑ අප වෙත ගෙන එන්නැයි ඔවුහු පැවසුහ.
فَأَخَذَتْهُمُ الرَّجْفَةُ فَأَصْبَحُوا فِي دَارِهِمْ جَاثِمِينَ
එසැණින් භූ කම්පනය ඔවුන් හසුකර ගත්තේය. පසුව ඔවුහු ඔවුන්ගේ නිවෙස් තුළම මළකඳන් බවට උදෑසන පත් ව සිටියහ.

Choose other languages: