Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #81 Translated in Sinhalese

فَعَقَرُوا النَّاقَةَ وَعَتَوْا عَنْ أَمْرِ رَبِّهِمْ وَقَالُوا يَا صَالِحُ ائْتِنَا بِمَا تَعِدُنَا إِنْ كُنْتَ مِنَ الْمُرْسَلِينَ
පසුව ඔවුහු එම ඔටු දෙන කපා දෑමූහ. තවද ඔවුන්ගේ පරමාධිපතිගේ නියෝගය අබිබවා කටයුතු කළෝය. තවද අහෝ සාලිහ්! නුඹ රසූල්වරුන් අතරින් වී නම් නුඹ අපට ප්‍රතිඥා දෙන දෑ අප වෙත ගෙන එන්නැයි ඔවුහු පැවසුහ.
فَأَخَذَتْهُمُ الرَّجْفَةُ فَأَصْبَحُوا فِي دَارِهِمْ جَاثِمِينَ
එසැණින් භූ කම්පනය ඔවුන් හසුකර ගත්තේය. පසුව ඔවුහු ඔවුන්ගේ නිවෙස් තුළම මළකඳන් බවට උදෑසන පත් ව සිටියහ.
فَتَوَلَّىٰ عَنْهُمْ وَقَالَ يَا قَوْمِ لَقَدْ أَبْلَغْتُكُمْ رِسَالَةَ رَبِّي وَنَصَحْتُ لَكُمْ وَلَٰكِنْ لَا تُحِبُّونَ النَّاصِحِينَ
පසුව ඔහු ඔවුන්ගෙන් හැරී ගොස් මාගේ සමූහයනි! මාගේ පරමාධිපතිගේ දූත පණිවිඩය මම නුඹලාට දන්වා සිටියෙමි. තවද මම නුඹලාට උපදෙස් දුනිමි. නමුත් නුඹලා උපදේශකයින් ප්‍රිය කරන්නේ නැතැ’යි ඔහු පැවසීය.
وَلُوطًا إِذْ قَالَ لِقَوْمِهِ أَتَأْتُونَ الْفَاحِشَةَ مَا سَبَقَكُمْ بِهَا مِنْ أَحَدٍ مِنَ الْعَالَمِينَ
තවද ලූත් ව ද (එව්වෙමු.) එවිට ලෝ වැසියන් අතරින් නුඹලාට පෙර කිසිවකු හෝ සිදු නොකළ අශීලාචාර දෑ නුඹලා සිදු කරන්නෙහු දැ? යි තම සමූහයා වෙත ඔහු පැවසීය.
إِنَّكُمْ لَتَأْتُونَ الرِّجَالَ شَهْوَةً مِنْ دُونِ النِّسَاءِ ۚ بَلْ أَنْتُمْ قَوْمٌ مُسْرِفُونَ
නියත වශයෙන්ම නුඹලා කාන්තාවන් හැර දමා කාමුක ලෙසින් පිරිමින් වෙත පැමිණෙන්නෙහුය. එසේම නුඹලා සීමාව ඉක්මවූවන් වෙති.

Choose other languages: