Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #82 Translated in Sinhalese

فَأَخَذَتْهُمُ الرَّجْفَةُ فَأَصْبَحُوا فِي دَارِهِمْ جَاثِمِينَ
එසැණින් භූ කම්පනය ඔවුන් හසුකර ගත්තේය. පසුව ඔවුහු ඔවුන්ගේ නිවෙස් තුළම මළකඳන් බවට උදෑසන පත් ව සිටියහ.
فَتَوَلَّىٰ عَنْهُمْ وَقَالَ يَا قَوْمِ لَقَدْ أَبْلَغْتُكُمْ رِسَالَةَ رَبِّي وَنَصَحْتُ لَكُمْ وَلَٰكِنْ لَا تُحِبُّونَ النَّاصِحِينَ
පසුව ඔහු ඔවුන්ගෙන් හැරී ගොස් මාගේ සමූහයනි! මාගේ පරමාධිපතිගේ දූත පණිවිඩය මම නුඹලාට දන්වා සිටියෙමි. තවද මම නුඹලාට උපදෙස් දුනිමි. නමුත් නුඹලා උපදේශකයින් ප්‍රිය කරන්නේ නැතැ’යි ඔහු පැවසීය.
وَلُوطًا إِذْ قَالَ لِقَوْمِهِ أَتَأْتُونَ الْفَاحِشَةَ مَا سَبَقَكُمْ بِهَا مِنْ أَحَدٍ مِنَ الْعَالَمِينَ
තවද ලූත් ව ද (එව්වෙමු.) එවිට ලෝ වැසියන් අතරින් නුඹලාට පෙර කිසිවකු හෝ සිදු නොකළ අශීලාචාර දෑ නුඹලා සිදු කරන්නෙහු දැ? යි තම සමූහයා වෙත ඔහු පැවසීය.
إِنَّكُمْ لَتَأْتُونَ الرِّجَالَ شَهْوَةً مِنْ دُونِ النِّسَاءِ ۚ بَلْ أَنْتُمْ قَوْمٌ مُسْرِفُونَ
නියත වශයෙන්ම නුඹලා කාන්තාවන් හැර දමා කාමුක ලෙසින් පිරිමින් වෙත පැමිණෙන්නෙහුය. එසේම නුඹලා සීමාව ඉක්මවූවන් වෙති.
وَمَا كَانَ جَوَابَ قَوْمِهِ إِلَّا أَنْ قَالُوا أَخْرِجُوهُمْ مِنْ قَرْيَتِكُمْ ۖ إِنَّهُمْ أُنَاسٌ يَتَطَهَّرُونَ
නුඹලා නුඹලාගේ ගමෙන් මොවුන් ව පිටුවහල් කරනු. නියත වශයෙන්ම මොවුන් පිරිසිදු ව සිටින මිනිසුන් පිරිසකි යැයි ඔවුන් පැවසීම මිස ඔහුගේ සමූහයාගේ පිළිතුර නොවීය.

Choose other languages: