Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #62 Translated in Sinhalese

وَالْبَلَدُ الطَّيِّبُ يَخْرُجُ نَبَاتُهُ بِإِذْنِ رَبِّهِ ۖ وَالَّذِي خَبُثَ لَا يَخْرُجُ إِلَّا نَكِدًا ۚ كَذَٰلِكَ نُصَرِّفُ الْآيَاتِ لِقَوْمٍ يَشْكُرُونَ
තවද සාරවත් පොළොව වනාහි, එහි පරමාධිපතිගේ අවසරයෙන් එහි පැළෑටි හට ගැනේ. තවද නිසරු වී ගිය දෑ (පොළොව) වනාහි ස්වල්ප ඵලදාවක් මිස හට ගන්වන්නේ නැත. කෘතවේදී වන ජනයාට අපි සංඥාවන් පැහැදිලි කරනුයේ එලෙසය.
لَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِ فَقَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرُهُ إِنِّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ عَظِيمٍ
සැබැවින්ම අපි නූහ් ව ඔහුගේ සමූහයා වෙත එව්වෙමු. එවිට ඔහු මාගේ සමූහයනි! නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. ඔහු හැර වෙනත් කිසිදු දෙවියකු නුඹලාට නොමැත. මහත් වූ දිනයක දඬුවම නුඹලා මත වනු ඇතැයි මම බිය වෙමි යැයි ඔහු පැවසුවේය.
قَالَ الْمَلَأُ مِنْ قَوْمِهِ إِنَّا لَنَرَاكَ فِي ضَلَالٍ مُبِينٍ
“නියත වශයෙන්ම ඔබ පැහැදිලි මුළාවක සිටිනු අපි දකින්නෙමු” යැයි ඔහුගේ සමූහයා අතරින් ප්‍රධානීහු පැවසුවෝය.
قَالَ يَا قَوْمِ لَيْسَ بِي ضَلَالَةٌ وَلَٰكِنِّي رَسُولٌ مِنْ رَبِّ الْعَالَمِينَ
මාගේ සමූහයනි! මා සමඟ කිසිදු මුළාවක් නොමැත. එනමුත් මම සකල ලෝකයන්හි පරමාධිපතිගෙන් වූ ධර්ම දූතයකු වෙමි යැයි ඔහු පැවසුවේය.
أُبَلِّغُكُمْ رِسَالَاتِ رَبِّي وَأَنْصَحُ لَكُمْ وَأَعْلَمُ مِنَ اللَّهِ مَا لَا تَعْلَمُونَ
මාගේ පරමාධිපතිගේ දූත පණිවිඩ මම නුඹලාට දැනුම් දෙමි. තවද මම නුඹලාට උපදෙස් දෙමි. තවද නුඹලා නොදන්නා දෑ අල්ලාහ් වෙතින් මම දැන ගනිමි.

Choose other languages: