Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #63 Translated in Sinhalese

لَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِ فَقَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرُهُ إِنِّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ عَظِيمٍ
සැබැවින්ම අපි නූහ් ව ඔහුගේ සමූහයා වෙත එව්වෙමු. එවිට ඔහු මාගේ සමූහයනි! නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. ඔහු හැර වෙනත් කිසිදු දෙවියකු නුඹලාට නොමැත. මහත් වූ දිනයක දඬුවම නුඹලා මත වනු ඇතැයි මම බිය වෙමි යැයි ඔහු පැවසුවේය.
قَالَ الْمَلَأُ مِنْ قَوْمِهِ إِنَّا لَنَرَاكَ فِي ضَلَالٍ مُبِينٍ
“නියත වශයෙන්ම ඔබ පැහැදිලි මුළාවක සිටිනු අපි දකින්නෙමු” යැයි ඔහුගේ සමූහයා අතරින් ප්‍රධානීහු පැවසුවෝය.
قَالَ يَا قَوْمِ لَيْسَ بِي ضَلَالَةٌ وَلَٰكِنِّي رَسُولٌ مِنْ رَبِّ الْعَالَمِينَ
මාගේ සමූහයනි! මා සමඟ කිසිදු මුළාවක් නොමැත. එනමුත් මම සකල ලෝකයන්හි පරමාධිපතිගෙන් වූ ධර්ම දූතයකු වෙමි යැයි ඔහු පැවසුවේය.
أُبَلِّغُكُمْ رِسَالَاتِ رَبِّي وَأَنْصَحُ لَكُمْ وَأَعْلَمُ مِنَ اللَّهِ مَا لَا تَعْلَمُونَ
මාගේ පරමාධිපතිගේ දූත පණිවිඩ මම නුඹලාට දැනුම් දෙමි. තවද මම නුඹලාට උපදෙස් දෙමි. තවද නුඹලා නොදන්නා දෑ අල්ලාහ් වෙතින් මම දැන ගනිමි.
أَوَعَجِبْتُمْ أَنْ جَاءَكُمْ ذِكْرٌ مِنْ رَبِّكُمْ عَلَىٰ رَجُلٍ مِنْكُمْ لِيُنْذِرَكُمْ وَلِتَتَّقُوا وَلَعَلَّكُمْ تُرْحَمُونَ
නුඹලාට අවවාද කරනු පිණිස ද නුඹලා බිය හැඟීමෙන් යුතුව කටයුතු කරනු පිණිස ද නුඹලා දයාව ලැබිය හැකි වනු පිණිස ද නුඹලා අතරින් වූ මිනිසෙකු වෙත නුඹලාගේ පරමාධිපතිගෙන් උපදෙසක් නුඹලා වෙත පැමිණීම ගැන නුඹලා පුදුමු වන්නෙහු ද? (යැයි පැවසුවේය)

Choose other languages: