Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #53 Translated in Sinhalese

أَهَٰؤُلَاءِ الَّذِينَ أَقْسَمْتُمْ لَا يَنَالُهُمُ اللَّهُ بِرَحْمَةٍ ۚ ادْخُلُوا الْجَنَّةَ لَا خَوْفٌ عَلَيْكُمْ وَلَا أَنْتُمْ تَحْزَنُونَ
අල්ලාහ් ඔවුනට දයාව ලබා නොදෙනු ඇත යැයි නුඹලා දිවුරා පැවසූ අය මොවුහු ද? නුඹලා ස්වර්ගයට පිවිසෙනු, නුඹලාට කිසිදු බියක් නොමැත. තවද නුඹලා දුකට පත් වන්නේ ද නැත.
وَنَادَىٰ أَصْحَابُ النَّارِ أَصْحَابَ الْجَنَّةِ أَنْ أَفِيضُوا عَلَيْنَا مِنَ الْمَاءِ أَوْ مِمَّا رَزَقَكُمُ اللَّهُ ۚ قَالُوا إِنَّ اللَّهَ حَرَّمَهُمَا عَلَى الْكَافِرِينَ
තවද නිරා වැසියෝ ස්වර්ග වාසීන් අමතා අප මත ජලයෙන් හෝ අල්ලාහ් නුඹලාට පෝෂණය කළ දැයින් හෝ වක් කරනු යැයි පවසති. දේව ප්‍රතික්ෂේපකයින් වෙත ඒ දෙකම සැබැවින්ම අල්ලාහ් තහනම් කර ඇතැයි ඔවුහු පවසනු ඇත.
الَّذِينَ اتَّخَذُوا دِينَهُمْ لَهْوًا وَلَعِبًا وَغَرَّتْهُمُ الْحَيَاةُ الدُّنْيَا ۚ فَالْيَوْمَ نَنْسَاهُمْ كَمَا نَسُوا لِقَاءَ يَوْمِهِمْ هَٰذَا وَمَا كَانُوا بِآيَاتِنَا يَجْحَدُونَ
ඔවුන් වනාහි ඔවුන්ගේ දහම ඔවුන් විහිළුවක් ලෙස හා සෙල්ලමක් ලෙස ගත් අය වෙති. තවද මෙලොව ජීවිතය ඔවුන් ව මුළා කළේය. එබැවින් ඔවුන් ඔවුන්ගේ මෙම හමුව අමතක කර දමා අපගේ වදන් ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටියාක් මෙන් අද දින අපි ද ඔවුන් අමතක කර දමන්නෙමු.
وَلَقَدْ جِئْنَاهُمْ بِكِتَابٍ فَصَّلْنَاهُ عَلَىٰ عِلْمٍ هُدًى وَرَحْمَةً لِقَوْمٍ يُؤْمِنُونَ
තවද ඔවුන් වෙත ධර්ම ග්‍රන්ථය අපි ගෙන ආවෙමු. එය අපි දැනුම මත පදනම් කරමින් දේවත්වය විශ්වාස කරන ජනයාට මඟ පෙන්වීමක් හා දයාවක් ලෙස පැහැදිලි කර ඇත්තෙමු.
هَلْ يَنْظُرُونَ إِلَّا تَأْوِيلَهُ ۚ يَوْمَ يَأْتِي تَأْوِيلُهُ يَقُولُ الَّذِينَ نَسُوهُ مِنْ قَبْلُ قَدْ جَاءَتْ رُسُلُ رَبِّنَا بِالْحَقِّ فَهَلْ لَنَا مِنْ شُفَعَاءَ فَيَشْفَعُوا لَنَا أَوْ نُرَدُّ فَنَعْمَلَ غَيْرَ الَّذِي كُنَّا نَعْمَلُ ۚ قَدْ خَسِرُوا أَنْفُسَهُمْ وَضَلَّ عَنْهُمْ مَا كَانُوا يَفْتَرُونَ
මොවුහු එහි අවසානය මිස වෙනකක් බලාපොරොත්තු වන්නෙහු ද? එහි අවසානය පැමිණෙන දින මීට පෙර එය අමතක කළවුන් ‘සැබැවින්ම අපගේ පරමාධිපතියාණන්ගේ දූතවරු අප වෙත පැමිණියේමය. අප වෙනුවෙන් මැදිහත්වන්නන් සිටින්නේ ද? එසේ නම් ඔවුහු අප වෙනුවෙන් මැදිහත් වෙත්වා! එසේ නැතහොත් අපි නැවත හරවා යවනු ලබන්නෙමු ද? එවිට අපි කරමින් සිටි දෑ නොවන වෙනත් දෑ සිදු කළ හැකි වන්නේ යැයි පවසති. සැබැවින්ම ඔවුන් ඔවුන්ටම අලාභහානි සිදු කර ගත්තෝය. ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන් මුළා කළේය.

Choose other languages: