Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #184 Translated in Sinhalese

وَلِلَّهِ الْأَسْمَاءُ الْحُسْنَىٰ فَادْعُوهُ بِهَا ۖ وَذَرُوا الَّذِينَ يُلْحِدُونَ فِي أَسْمَائِهِ ۚ سَيُجْزَوْنَ مَا كَانُوا يَعْمَلُونَ
වඩාත් අලංකාර නාමයන් අල්ලාහ්ට හිමිය. එහෙයින් නුඹලා ඒවා මගින් ඔහුට ඇරයුම් කරනු. තවද ඔහුගේ නාමයන්හි විකෘති කරන්නන් අතහැර දමනු. ඔවුන් කරමින් සිටි දෑ සඳහා ඔවුනට මතු ප්‍රතිඵල දෙනු ලබනු ඇත.
وَمِمَّنْ خَلَقْنَا أُمَّةٌ يَهْدُونَ بِالْحَقِّ وَبِهِ يَعْدِلُونَ
තවද අප මැවූ අය අතරින් සත්‍යය මගින් මඟ පෙන්වන, තවද එමගින් යුක්තිය ඉටු කරන සමූහයක් ද විය.
وَالَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا سَنَسْتَدْرِجُهُمْ مِنْ حَيْثُ لَا يَعْلَمُونَ
අපගේ සාධක බොරු කළවුන් වනාහි ඔවුන් නොහඳුනන පරිදි අපි පියවරින් පියවර, ඔවුන් මතුවට හසු කර ගන්නෙමු.
وَأُمْلِي لَهُمْ ۚ إِنَّ كَيْدِي مَتِينٌ
තවද මම ඔවුනට අවකාශය ද දෙමි. නියත වශයෙන්ම මාගේ සැලැස්ම ඉතා දැඩිය.
أَوَلَمْ يَتَفَكَّرُوا ۗ مَا بِصَاحِبِهِمْ مِنْ جِنَّةٍ ۚ إِنْ هُوَ إِلَّا نَذِيرٌ مُبِينٌ
ඔවුන්ගේ සගයාට කිසිදු උමතුවක් නොමැති බව ඔවුහු වටහා නොගත්තෝ ද? ඔහු පැහැදිලි අවවාද කරන්නකු මිස වෙනත් කෙනෙකු නොවේ.

Choose other languages: