Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #186 Translated in Sinhalese

وَالَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا سَنَسْتَدْرِجُهُمْ مِنْ حَيْثُ لَا يَعْلَمُونَ
අපගේ සාධක බොරු කළවුන් වනාහි ඔවුන් නොහඳුනන පරිදි අපි පියවරින් පියවර, ඔවුන් මතුවට හසු කර ගන්නෙමු.
وَأُمْلِي لَهُمْ ۚ إِنَّ كَيْدِي مَتِينٌ
තවද මම ඔවුනට අවකාශය ද දෙමි. නියත වශයෙන්ම මාගේ සැලැස්ම ඉතා දැඩිය.
أَوَلَمْ يَتَفَكَّرُوا ۗ مَا بِصَاحِبِهِمْ مِنْ جِنَّةٍ ۚ إِنْ هُوَ إِلَّا نَذِيرٌ مُبِينٌ
ඔවුන්ගේ සගයාට කිසිදු උමතුවක් නොමැති බව ඔවුහු වටහා නොගත්තෝ ද? ඔහු පැහැදිලි අවවාද කරන්නකු මිස වෙනත් කෙනෙකු නොවේ.
أَوَلَمْ يَنْظُرُوا فِي مَلَكُوتِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا خَلَقَ اللَّهُ مِنْ شَيْءٍ وَأَنْ عَسَىٰ أَنْ يَكُونَ قَدِ اقْتَرَبَ أَجَلُهُمْ ۖ فَبِأَيِّ حَدِيثٍ بَعْدَهُ يُؤْمِنُونَ
අහස්හි හා මිහිතලයේ ආධිපත්‍යයෙහි ද යම් දෙයකින් අල්ලාහ් මවා ඇති දෑ ගැන ද ඔවුන්ගේ නියමිත කාලය සමීප විය හැකිය යන්න ගැන ද ඔවුහු අවධානයෙන් නොබැලුවෝ ද. එහෙයින් ඉන් පසුව ඔවුන් කවර පුවතක් ගැන ද විශ්වාස කරනුයේ?
مَنْ يُضْلِلِ اللَّهُ فَلَا هَادِيَ لَهُ ۚ وَيَذَرُهُمْ فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ
අල්ලාහ් කවරෙකු නොමඟ යන්නට ඉඩ හරින්නේ ද එවිට ඔහුට මඟ පෙන්වන්නෙකු නැත. තවද ඔවුන්ගේ සීමාව ඉක්මවීමෙහි සැරිසැරීමට ඔහු ඔවුනට ඉඩ හරියි.

Choose other languages: