Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #188 Translated in Sinhalese

أَوَلَمْ يَتَفَكَّرُوا ۗ مَا بِصَاحِبِهِمْ مِنْ جِنَّةٍ ۚ إِنْ هُوَ إِلَّا نَذِيرٌ مُبِينٌ
ඔවුන්ගේ සගයාට කිසිදු උමතුවක් නොමැති බව ඔවුහු වටහා නොගත්තෝ ද? ඔහු පැහැදිලි අවවාද කරන්නකු මිස වෙනත් කෙනෙකු නොවේ.
أَوَلَمْ يَنْظُرُوا فِي مَلَكُوتِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا خَلَقَ اللَّهُ مِنْ شَيْءٍ وَأَنْ عَسَىٰ أَنْ يَكُونَ قَدِ اقْتَرَبَ أَجَلُهُمْ ۖ فَبِأَيِّ حَدِيثٍ بَعْدَهُ يُؤْمِنُونَ
අහස්හි හා මිහිතලයේ ආධිපත්‍යයෙහි ද යම් දෙයකින් අල්ලාහ් මවා ඇති දෑ ගැන ද ඔවුන්ගේ නියමිත කාලය සමීප විය හැකිය යන්න ගැන ද ඔවුහු අවධානයෙන් නොබැලුවෝ ද. එහෙයින් ඉන් පසුව ඔවුන් කවර පුවතක් ගැන ද විශ්වාස කරනුයේ?
مَنْ يُضْلِلِ اللَّهُ فَلَا هَادِيَ لَهُ ۚ وَيَذَرُهُمْ فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ
අල්ලාහ් කවරෙකු නොමඟ යන්නට ඉඩ හරින්නේ ද එවිට ඔහුට මඟ පෙන්වන්නෙකු නැත. තවද ඔවුන්ගේ සීමාව ඉක්මවීමෙහි සැරිසැරීමට ඔහු ඔවුනට ඉඩ හරියි.
يَسْأَلُونَكَ عَنِ السَّاعَةِ أَيَّانَ مُرْسَاهَا ۖ قُلْ إِنَّمَا عِلْمُهَا عِنْدَ رَبِّي ۖ لَا يُجَلِّيهَا لِوَقْتِهَا إِلَّا هُوَ ۚ ثَقُلَتْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ لَا تَأْتِيكُمْ إِلَّا بَغْتَةً ۗ يَسْأَلُونَكَ كَأَنَّكَ حَفِيٌّ عَنْهَا ۖ قُلْ إِنَّمَا عِلْمُهَا عِنْدَ اللَّهِ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ
අවසන් හෝරාව ගැන, එය කවදා පැමිණෙන්නේ දැයි ඔවුහු නුඹගෙන් විමසති. එහි දැනුම මාගේ පරමාධිපති අබියසය. එහි නියමිත වේලාවට ඔහු හැර (වෙන කිසිවකු) එය හෙළි නොකරනු ඇත. එය(එහි දැනුම) අහස්හි හා පොළෝ තලයේ (වෙසෙන්නන් හට) බැරෑරුම් විය. එය ක්ෂණිකව මිස නුඹලා වෙත නොපැමිණෙනු ඇතැයි නුඹ පවසනු. ඒ පිළිබඳ ව නුඹ මනා දැනුමක් ඇත්තෙකු සේ ඔවුහු නුඹගෙන් විමසති. එහි දැනුම අල්ලාහ් අබියසය යැයි නුඹ පවසනු. එනමුත් මිනිසුන්ගෙන් වැඩි දෙනා (ඒ බව) නොදනිති
قُلْ لَا أَمْلِكُ لِنَفْسِي نَفْعًا وَلَا ضَرًّا إِلَّا مَا شَاءَ اللَّهُ ۚ وَلَوْ كُنْتُ أَعْلَمُ الْغَيْبَ لَاسْتَكْثَرْتُ مِنَ الْخَيْرِ وَمَا مَسَّنِيَ السُّوءُ ۚ إِنْ أَنَا إِلَّا نَذِيرٌ وَبَشِيرٌ لِقَوْمٍ يُؤْمِنُونَ
අල්ලාහ් අභිමත කළේ නම් මිස මා වෙනුවෙන් යම් යහපතක් කිරීමට හෝ හානියක් කිරීමට හෝ මම බලය නොදරමි. ගුප්ද දෑ ගැන මා මැනවින් දැන සිටියේ නම් මා යහපත අධික වශයෙන් කරන්නට බලමි. තවද මට නපුර ස්පර්ෂ නොවනු ඇත. මා අවවාද කරන්නෙකු හා විශ්වාස කරන ජනයාට ශුභාරංචි දන්වන්නෙකු මිස වෙනත් කෙනෙකු නොවෙමි.

Choose other languages: