Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #187 Translated in Sinhalese

وَأُمْلِي لَهُمْ ۚ إِنَّ كَيْدِي مَتِينٌ
තවද මම ඔවුනට අවකාශය ද දෙමි. නියත වශයෙන්ම මාගේ සැලැස්ම ඉතා දැඩිය.
أَوَلَمْ يَتَفَكَّرُوا ۗ مَا بِصَاحِبِهِمْ مِنْ جِنَّةٍ ۚ إِنْ هُوَ إِلَّا نَذِيرٌ مُبِينٌ
ඔවුන්ගේ සගයාට කිසිදු උමතුවක් නොමැති බව ඔවුහු වටහා නොගත්තෝ ද? ඔහු පැහැදිලි අවවාද කරන්නකු මිස වෙනත් කෙනෙකු නොවේ.
أَوَلَمْ يَنْظُرُوا فِي مَلَكُوتِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا خَلَقَ اللَّهُ مِنْ شَيْءٍ وَأَنْ عَسَىٰ أَنْ يَكُونَ قَدِ اقْتَرَبَ أَجَلُهُمْ ۖ فَبِأَيِّ حَدِيثٍ بَعْدَهُ يُؤْمِنُونَ
අහස්හි හා මිහිතලයේ ආධිපත්‍යයෙහි ද යම් දෙයකින් අල්ලාහ් මවා ඇති දෑ ගැන ද ඔවුන්ගේ නියමිත කාලය සමීප විය හැකිය යන්න ගැන ද ඔවුහු අවධානයෙන් නොබැලුවෝ ද. එහෙයින් ඉන් පසුව ඔවුන් කවර පුවතක් ගැන ද විශ්වාස කරනුයේ?
مَنْ يُضْلِلِ اللَّهُ فَلَا هَادِيَ لَهُ ۚ وَيَذَرُهُمْ فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ
අල්ලාහ් කවරෙකු නොමඟ යන්නට ඉඩ හරින්නේ ද එවිට ඔහුට මඟ පෙන්වන්නෙකු නැත. තවද ඔවුන්ගේ සීමාව ඉක්මවීමෙහි සැරිසැරීමට ඔහු ඔවුනට ඉඩ හරියි.
يَسْأَلُونَكَ عَنِ السَّاعَةِ أَيَّانَ مُرْسَاهَا ۖ قُلْ إِنَّمَا عِلْمُهَا عِنْدَ رَبِّي ۖ لَا يُجَلِّيهَا لِوَقْتِهَا إِلَّا هُوَ ۚ ثَقُلَتْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ لَا تَأْتِيكُمْ إِلَّا بَغْتَةً ۗ يَسْأَلُونَكَ كَأَنَّكَ حَفِيٌّ عَنْهَا ۖ قُلْ إِنَّمَا عِلْمُهَا عِنْدَ اللَّهِ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ
අවසන් හෝරාව ගැන, එය කවදා පැමිණෙන්නේ දැයි ඔවුහු නුඹගෙන් විමසති. එහි දැනුම මාගේ පරමාධිපති අබියසය. එහි නියමිත වේලාවට ඔහු හැර (වෙන කිසිවකු) එය හෙළි නොකරනු ඇත. එය(එහි දැනුම) අහස්හි හා පොළෝ තලයේ (වෙසෙන්නන් හට) බැරෑරුම් විය. එය ක්ෂණිකව මිස නුඹලා වෙත නොපැමිණෙනු ඇතැයි නුඹ පවසනු. ඒ පිළිබඳ ව නුඹ මනා දැනුමක් ඇත්තෙකු සේ ඔවුහු නුඹගෙන් විමසති. එහි දැනුම අල්ලාහ් අබියසය යැයි නුඹ පවසනු. එනමුත් මිනිසුන්ගෙන් වැඩි දෙනා (ඒ බව) නොදනිති

Choose other languages: